gossip lanka

"මේ කේන්දරය හැටියට නම් දුව දැනටමත් පවුලක් කනවා...නැහැ මගේ දුව තවම බැඳලා නැහැ'' කේන්දර බලද්දී හෙළි වුණු දුව ගේ අමුතු කෙරුවාව

දුවට කසාදයක් කර දෙන්නට වේලාපත්කඩය බලන්න ගිය පියෙකුට දුව  ඒ වන විටත් පවුල් කන බව පෙන්වා දුන් නැකැත්කරුවකු පිළිබඳව වයඹ හා බස්නාහිර මායිම් ගම්මානයකින් වාර්තා වෙනවා.

වයඹ මායිමේ වෙසෙන එක්දරු පියෙකි. දුව වියපත් වෙමින් සිටියත් කසාදයකට කැමැත්තක් නොදක්වමින් කල් ගත කරන්නට වූයේය.

ඇය නිතරම කල්ගත කළේ මිතුරන්ගේ නිවෙස්වලය. දියණිය නිවසේ රඳවාගැනීමට නම් විවාහයක් කරදිය යුතු බව දෙමහල්ලෝ අදහස් කළහ.

ඒ අනුව මේ පියා බස්නාහිර පළාතේ නැකත්කරුවකු හමුවීමට ගියේ දියණියගේ හදහනද රැගෙනය.

පුද පඬුරු තැබූ පියා දියණියට කසාදයකට මග පිළියෙළ කර දෙන්නැයි ඉල්ලා සිටියේය.

මේ කේන්දරය දුටු නැකත්කරුට දැක පුරුදු කේන්දරයක් බව පෙනීගියේය.

ඉකුත් දිනෙක තමන් පොරොන්දම් ගලපා දුන්නේ මේ කේන්දරය හිමි තරුණයකුට හා තරුණියකට බව ඔහුට පසක්විය.

ඒ අනුව තමන්ගේ අසල්වැසි තරුණයෙකු  හා ඇය  මාස කිහිපයකට පෙර විවාහවූ බවද නැකත්කරුට කල්පනා විය.

කේන්දරය අතේ තියාගෙන දැඩි කල්පනාවක නිමග්නවූ නැකත්කරු මේ කේන්දරය හැටියට නම් මේවනවිටත් විවාහයක් කරගෙන ඇතැයි පියාට පැවසුවේ ඔහු පුදුමයට පත්කරමිනි.

''නැහැ මගේ දුව තවම බැඳලා නැහැ'' පියා පිළිතුරු දුන්නේ එක හඬිනි. ‘ඒ කියන්නේ දුව නිතරම ගෙදර ඉන්නවාද?'නැකත්කරුගෙන් යළි ප්‍රශ්නයකි.

''නැහැ.''එයා නිතර යාළුවන්ගේ ගෙවල් වල යනවා'' පියාගේ පිලිතුර විය.

"මට නම් මේ කේන්දරය හැටියට දුව පවුල් කන බව නම් විශ්වාසයි. කී නැකත්කරු අද හෙටම් ඔබට ඒ බව දැනගන්න ලැබෙන්නත් පුළුවන්'' බවට අනාවැකියක්ද පළකළේ දින දෙකකින් වැඩි විස්තර ගෙන යන්නට එන්නැයි ඉල්ලා සිටිමිනි. පැයක් හමාරක් ගත විය.

පියා යළි නැකත්කරු සොයා ආවේය. "මහත්තයෝ කිව්වා කරිනේ මගේ දුව මේ පැත්තේම ගෙදරක ඉන්නවා මම දැක්කා ගිහින් හොයා බලද්දී මේකි හොර රහසේ කසාදයක් කරගෙන නේ.මේකි යාළුවන්ගේ ගෙවල් වල යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ මේකට තමයි....." යැයි කී පියා නැකත්කරුගේ දක්ෂතාව අගේ කරන්නට වූයේ සිය දියණියට දෙස් දෙවොල් තබමිනි.
gossip lanka