gossip lanka

දියණියන්ගෙ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කොට තරුණයින්ට අළෙවි කළ අම්මා ගේ අමුතු බිස්නස් එක

තම දියණියන් දෙදෙනාගේ පියයුරු හා රහස් ප්‍රදේශ වීඩියෝ කොට තරුණයින්ට එම දර්ශන අලෙවි කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් ප්‍රදේශයේ මවක් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් පෙරේදා (17) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පුදුකුඩීඉරිප්පු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව අදාල මව අත්අඩංගුවට ගැනුණ බවයි වාර්තා වන්නේ.

ඇයගේ දුරකතනය පරීක්ෂා කිරීමේදී එම දර්ශන දැක ගැනීමට පොලීසියට හැකි වී ඇති අතර, වැරදීමකින් ජංගම දුරකතනය ක්‍රියාත්මක වීම නිසා ඡායාරූප හා වීඩියෝ එහි රූගත වී ඇති බවයි, ඇය පොලීසියට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් පුදුකුඩීඉරිප්පු පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව නඩුව අවසන්වන තුරු දියණියන් දෙදෙනා සුළු මවගේ භාරකාරීත්වයට පත් කරන ලෙසත්, ඊට පෙර එම දැරියන් දෙදෙනාව මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කොට පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කර ඇත.

අදාල මව මේ මස 25 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ  බවයි වාර්තා වන්නේ.
gossip lanka