gossip lanka

පෙම්වතා සමඟ තරු පහේ හෝටලයකින් කන්න ගිය පෙම්වතිය බිල ගෙවන්න පොරකද්දී මුදල් පසුම්බියෙන් නොසිතූ දෙයක් මතුවෙයි

මේ ඒදෙන්නාගේ ආදර කතාවේ තවත් එක දවසක්..

හැමදාම සති අන්තයේ හමුවීම පුරුද්දක් කරගත්ත ඒ දෙන්නාට කවදාවත් මෙහෙම ප්‍රශ්නයක් ඇතිවේවි කියා ඇය සිහිනයකින්වත් නොසිතන්නට ඇති..

ඒත් නොසිතූ වෙලාවක වුණ සිද්ධි දාමමයක් නිසා ඒ දෙන්නාගේ ආදර කතාවට මොකක් වේවිද..? කාර්‍යාලයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් එහි නිලධාරියෙන් දිනක් ඇයට පවසන්නේ, ඇයගේ සේයාරූ දෙකක් ලබාදෙන ලෙසයි...

ඒ අනුව ඇය පෞද්ගලික ඡායාරූප ශාලාවකට ගොස් කාරණය පවසා සිටියා... ඡායාරූප හතරක් ලබාදෙන අතර ඒ සඳහා රුපියල් 400ක් ගෙවන ලෙස ඇයට දැන්වීය. ඒ අනුව මුදල් ගෙවා කැමරාවට මුහුණ දුන් ඇයට පසුදින පැමිණ එම සේයාරූ ලබා ගෙනයෑමට පැමිණෙන ලෙස ඡායාරූප ශාලා හිමියා දැන්වා තිබුනා..

පසුදින උදෑසන සේවයට යන ගමන් ඇය ඡායාරූප ශාලාවට ගොස් ඡායාරූප ලබාගෙන කඩිමුඩියේ සේවයට ගියා..

කොහොම හරි එහි ඡායාරූප හතරක් ඇති බව ඡායාරූප ශාලා හිමියා ඇයට දන්වා තිබුණා... ආයතනයට ගිය ඇය ලියුම් කවරයේ තිබූ සේයාරූ දෙකක් ආයතනයට ලබා දුන්නාය. ඉතිරි සේයාරූ දෙක මුදල් පසුම්බියේ තබා ගත්තා..

සති අන්තයේ ඇය තම ආදරබර පෙම්වතා හමුවුණා.. ඔහු සමග පෙම් බස් දොඩමින් සිට පසුව ආපනශාලාවට ගියේ තම පෙම්වතාගේ ආරාධනාවකට අනුවයි... එහිදී ආහාර ගැනීමෙන් පසුව තම පෙම්වතා මුදල් ගෙවීමට සැරසෙන අවස්ථාවේදී ඇය තම මුදල් පසුම්බිය විවෘත කර මුදල් ගෙවීමට ඉදිරිපත් වුණා...

එහිදී ඔහු එය ප්‍රතික්ෂේප කළත් ඇය මුදල් ගෙවීමට ඉදිරිපත් වීම නිසා ඔහු ඇයගේ මුදල් පසුම්බිය ලබා ගැනීමට කටයුතු කිරීම නිසා මුදල් පසුම්බිය බිම වැටී එහි තිබූ දේ විසිරී ගියා..

එහි තිබූ රිසිට් පත් අතර පෙර දින තමා ගත් ඡායාරූපවලින් දෙකක් ඉතිරි වී තිබූ අතර, එයද බිම වැටී තිබුණ අතර, ඔහු එය අහුලා ගත්තා... එම පින්තුර දෙකෙන් එක් පින්තූරයක් තරුණයකුගේ වුණා..

එහිදී ඔහු හා ඇය අතර කතාබහකට මගපෑදුණා.. ඇයටත් මෙය ප්‍රහේලිකාවක් වූ අතරම කරුණු අවබෝධ කරගත් ඇය සිද්ධිය පිළිබඳව තරුණයාට කරුණු පැහැදිලි කර දුන් නමුත් ඔහු තුළ සැකයක් ඇතිවුණා..

අන්තිමේදී මේ පිළිබඳව ඡායාරූප ශාලා හිමියාගෙන් විමසීමට දෙදෙනාම එම ඡායාරූප ශාලාවට ගිය... සිද්ධිය පිළිබඳ ඡායාරූප ශාලා හිමියා ඔවුන්ගෙන් සමාව අයැද සිටියා.. 
gossip lanka