මේ ගෙන්දගම් පොළොවේ තවත් කතාවක්...අපි ඒ කතාව එයාටම කියන්න දෙමු...
''මම කොළඹට ආවේ මොණරාගල ඉඳලා. මුලින් කලේ රෙදි කඩේක රස්සාවක්. පස්සෙ මට එතන සෙට් වුනේ නෑ.ඊට පස්සෙ යාලුවෙක්ගේ මාර්ගයෙන් මැජෙස්ටික් සිටි එකේ ෆෝන් ශොප් එකක ජොබ් එකක් සෙට් උනා.
එතන අමුතු සුරපුරයක් අයියේ..කාලයත් එක්ක මම මගේ ගමේ කෑල්ල අයින් කරලා කොළඹ විදිහට වෙනස් වුනා.ජිම් ගිහින් ඇඟ හදාගෙන ඇත්තටම මම පොෂ් උනා.ඔතනට එක එක ජාතියේ අය එනවා.ගොඩාක්ම ඉතිං බහින අය ගැන කියන්න ඕනි නෑනෙ.සල්ලිකාරයෝ.ගමෙ අපි නොදැකපු වාහනවලින් එක එක අය එනවා. ඔහොම යද්දි දවසක් අපේ ශොප් එකට අවුරුදු....ම්ම්ම්ම් වයසක් කියන්න අමාරුයි දැක්ක ගමන්.ඒ නිසා මම මෙහම කියන්නම්.මැදි වයසේ ගෑනු කෙනෙක්.
හැබැයි පට්ට ලස්සනයි.හෙව්වේ ඇපල් ගහපු අලුත්ම වර්ශන් එකේ ෆෝන් එක.ඉටිං ඒ ෆෝන් එකේ ෆැසිලිටීස් ගැන ඒ ගෑනු කෙනා ඇහුවා.
ඒ අහද්දි එයාගෙ ඇස් තිබුනේ ෆෝන් එක දිහා නෙවෙයි මගෙ මූන දිහා,ඒ ඇස් දිව්වේ මගෙ ඇඟ පුරා.ඒක හරි කෑදර බැල්මක්.ඒ බැල්ම තේරුම් ගන්න අපිට මහ වෙලාවක් යන්නෙ නෑනෙ අයියේ.මමත් ඉතින් එයාට පොඩි පොඩි ලයින් දුන්නා.
කොහොම හරි එයා මගෙ නම්බර් එකත් අරගෙන ගියේ.මුලින් මුලින් කෝල් මැසේජ් විතරයි.පස්සේ එයාම හම්බෙන්න යෝජනාවක් කලා.මටත් මොකද මමත් කොල්ලෙක්නෙ අයියේ මාත් ගියා...
දන්නවද එයගේ හස්බන්ඩ් ලංකාවේ ජනප්‍රියම කම්පැනි එකක ලොක්කෙක්.එයත් ඉතිං හැමතැනම ඇහෙන්න දකින්න තියෙන රෙකෝර්ඩ් එක තමයි ගැහුවේ.
මහත්තයාගෙන් කිසිම සතුටක් නෑ,එයාට මාත් එක්ක ඉන්න උවමනාවක් නෑ ඔය ටිකම තමයි,හැබැයි අයියේ මට හොඳට එයා වියදම් කලා සහ තවමත් කරනවා.මේ ඇඳන් ඉන්න ඇඳුමේ ඉඳලා මේ ෆෝන් එක වෙනකන්ම එයාගෙන් මට ලැබුනේ.
දන්නවද මට දැන් කාර් එකකුත් තියෙනවා.මට හොඳට වියදම් කලා.ඒ හැමදේකටම එයා මගෙන් ඉල්ලන්නේ එක දෙයයි...ඒ ඉතිං නිදී ඇඳේ එයාගෙ සැමියා විදිහට ඉන්න එක තමයි.
ඒ සාධාරනය මම හරියාකාරව ඉශ්ට කරනවා.මම විතරක් නෙවෙයි අයියේ මම දන්න කී දෙනෙක් ඉන්නවද සල්ලිකාර නෝනලා එයාගෙ ශුගර් බෝයිලා විදිහට තියාගෙන ඉන්න කොල්ලො ගැන.
ඔහොමයි අයියේ මේ කොලබ..හැබැයි මොන දේ උනත් මම සතුටින්.මොකද ජොබ් එක කරලා ලබා ගන්න බැරි උන දේවල් මට කොහෙන් හරි ලැබුන නිසා.