gossip lanka

මෙරට තරුණයන් 50ක් පරිගණක ත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී.. පොලු වලින් ගහනවා... කරන්ට් අල්ලනවා... මැරෙයි කියලා බයයි

පරිගණක ආශ්‍රිත රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මියන්මාරය වෙත ගෙන ගොස් සන්නද්ධ කණ්ඩායමක් යටතේ දැඩි දඬුවම් ලබාදෙමින් පරිගණක අපරාධ කටයුතුවල යොදවා ඇති මෙරට තරුණ තරුණියන් 50කට අධික් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

එහි සිරවී සිටින එම තරුණ තරුණියන් පවසන්නේ පරිගණක අපරාධ සම්බන්ධව යුරෝපය සහ ඇමරිකාව එරට ජනතාව දැනුවත් කිරීම නිසා එම ජාවාරම සඳහා පුද්ගලයින් හසුකර ගැනීමට අපහසු වීම මත ඔවුන් සන්නද්ධ කණ්ඩායමේ දැඩි දඬුවම්වලට ලක්වෙමින් සිටිනා බවයි.

එම හේතුවෙන් බලහත්කාරයෙන් පරිගණක අපරාධවල යොදවා සිටින ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පිරිසට තම දෛනික ඉලක්ක සම්පූර්ණ කිරීමට නොහැකි බව ඔවුන් පවසයි.

ඔවුන් පවසන්නේ දිනකට පුද්ගලයින් තිදෙනෙක් එම පරිගණක අපරාධ ජාවාරම් සඳහා හසුකර ගැනීම ඔවුනට ලැබී ඇති ඉලක්කය බවත් ඒ සඳහා ඔවුන් අඛණ්ඩව පැය 16ක් වැඩ කළ යුතු බවත්‍ ය.

එම කාලය ඇතුළත අදාළ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන ශ්‍රී ලාංකිකයන් ඉතා දරුණු වද බන්ධනයන්ට ලක් කරන බව ඔවුන් පවසයි.

ඒ සම්බන්ධයෙන් රහසිගතව දුරකථනයයෙන් තොරතුරු දැන්වූ ශ්‍රී ලාංකික තරුණයයෙක්,

“අපිට කරන්න කිසිම දෙයක් නෑ. උන් ගහනවා, කරන්ට් එක අල්ලනවා මේක මිහි පිට අපායක් වෙලා තියෙන්නේ. අපි මේ උගුලට වැටෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. අපි ආවේ සල්ලි හම්බ කරන්න. මං මෙතනම මැරිලා යයි. මගේ දෙමව්පියෝ ගැන මට මාර බයයි. අපි පිටරට ආවේ ලංකාවේ ආර්ථිකය නිසා. රස්සාවක් කරලා අම්මා තාත්තා බලාගන්න තරම් පඩියක් ගන්න බැරි නිසා. අද වෙලා තියෙන්නේ අපේ ගෙවල් වලට තවත් ගින්දරක් එකතුවෙලා. නේපාලය උගන්ඩා වගේ රටවල් වලින් මේකට ආපු කට්ටිය මාසෙන් දෙකෙන් ඒ රටවල් වලින් ආපහු ගත්තා. මම දන්නෙ නෑ අපේ රජය ඇයි අපිව ගන්නේ නැත්තෙ කියලා.”

මියන්මාරයේ ස්ථාන 3ක මෙලෙස ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රඳවා සිටින බව සඳහන්, මාධ්‍ය විසින් දිගින් දිගටම කරන ලද අනාවරණයන්ගෙන් පසුව මෙලෙස රඳවා සිටි තරුණ තරුණියන් 8 දෙනෙක් මුදාගත් නමුත් තවත් 50කට අධික පිරිසක් මෙලෙස සන්නද්ධ කණ්ඩායම් ග්‍රහණයේ සිටිනා බව සඳහන්.
gossip lanka