gossip lanka

ආශාවරී නමින් ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක් අත්අඩංගුවට!

ලිංගික දර්ශන රූගතකර ඒවා මනාව සංස්කරණය කරමින් අන්තර්ජාලයේ නොයෙකුත් නිල් වෙබ් අඩවි වෙත ඇතුලත් කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

මෙම පිරිස් විසින් කාලයක් තිස්සේ කරගෙන ආ මෙම වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, පොලිස් සයිබර් අපරාධ මැඩලීමේ අංශයේ අධීක්ෂණයට ලක්වීමෙන් පසු සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් එක් කාන්තාවක් මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටිනා “ආශාවරී” ලෙස හැඳින්වෙන 26 හැවිරිදි තැනැත්තියක් බවද වාර්තා වේ.

එම අත්අඩංගුවට පිරිස් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි භාවිතයට හුරුවී ඇති බව පොලීසිය පවසයි.

මෙම පිරිස මෙම ජාවාරම හරහා යහමින් මුදල් උපයා ඇති අතර සුඛෝපභෝගී ජීවිත ගෙවා ඇති බව පොලීසිය විසින් අනාවරණය කටගෙන ඇත.

අද (17) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.
gossip lanka