gossip lanka

මිතුරන් සමඟ මු‍රණ්ඩු ගමනක් ගිය නිදිෂ් සහ අරවින්ද්ට අත්වුණ ඛේදනීය ඉරණම මෙන්න

ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය ඒ තරමටම වැඩී..

එක අම්මාගේ කුසේ ඉපදෙන්න බැරි වුණත් ඒ සමීප බැඳීම නිසාදෝ ඔවුන් දෙදෙනා එකටම අවසන් ගමන් ගිහින්.. 

මේ දුක්බර කතාව අපට ඇසෙන්නේ මීගමුවෙන්.. මීගමුව විජරත්නම් හින්දු මහා විද්‍යාලයේ 11 වැනි වසර ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනකු නොසිතූ මොහොතක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

කුඩාපාඩුව මුහුදු තීරයේ ඡායාරූප ගනිමින් සිටිය දී දිය රැල්ලට හසුව ගසා ගෙන ගොස් ඔවුන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.. මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 209/1, වැල්ල වීදිය, මීගමුවේ පදිංචි යෝහනාදන් නිදිෂ් සහ අංක 22/45, අසරප්ප පාර, මීගමුවේ පදිංචි රාජදුරෙයි අරවින්ද් යන පාසල් මිතුරන් දෙදෙනෙක්.. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 16ක පිරිමි දරුවන් වෙනවා..

ඉකුත් 14 වැනිදා පාසල් ගොස් නිවෙසට පැමිණ කෑම ගෙන පසුව සවස දෙකයි තිහට පමණ වොලිබෝල් පුහුණුවීමට යන බව පවසා නැවත විද්‍යාලයට ගොස් ඇති අතර, එදින පුහුණුවීමේ කටයුතු නොපැවැති බැවින් මේ දෙදෙනා තවත් පාසල් මිතුරන් දෙදෙනකු සමඟ කුඩාපාඩුව මුහුදු තීරයට ඡායාරූප ගැනීමට ගිය බව මරණ පරීක්ෂණයේ දී දෙන ලද සාක්ෂිවලින් අනාවරණය වී තිබුණා..

එක් ළමයෙක් වීඩියෝ ගත කරමින් සිට ඇති අතර, අනෙක් ළමයි මුහුදට බැස සිටි බව පවසනවා.. මේ අවස්ථාවේ හදිසියේ පැමිණි රැල්ලකට හසුවී මේ මිතුරන් දෙදෙනා ගසාගෙන ගොස් ඇතැයි කියැවෙනවා...

අනෙක් ළමයි කෑගසා මේ දෙදෙනා බේරා දෙන ලෙස අවට සිටි අයගෙන් ඉල්ලා ඇතත් ඒ කිසිවකුට මේ දෙදෙනා බේරාගැනීමට නොහැකි වූ බව සාක්ෂිවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා..

සිද්ධිය වී පැය බාගයකට පමණ පසු මෘත ශරීර ප්‍රදේශවාසීන්ගේ සහායෙන් සොයාගෙන තිබුනා... මොවුන් දෙදෙනාගේ මරණ පරික්ෂණය මීගමුව වැඩබලන හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සුනිල් ශාන්ත විජයතුංග ඉදිරියේ දී පෙරේදා සිදුකර තිබුණා.. 
gossip lanka