gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටේම බලාපොරොත්තු විනාශ වුනා.. අපට සමාවෙන්න.. පබල නෙදර්ලන්තයට ගහනවාමයි - ඇන්ජලෝ මැතිව්ස්

මෙවර  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වීම සම්බන්ධයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

රටේ බලාපොරොත්තුවත් කණ්ඩායමේ බලාපොරොත්තුවත් විනාශ වීම ගැන නගාටුවෙන් සිටින බවද ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේය.

‘බොහොමත්ම කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා අපි බොහොමත් කනගාටුවෙනවා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට.

අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා.

මේ වගේ තරගාවලියකිදී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත්ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අ

අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා.

අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරගාවලියේදී

අපි අපටම සාධාරණයක් ඉටු කර නෑ. විශේෂයෙන් පළමු තරඟ දෙකේදී අපි ක්‍රීඩා කළ ආකාරය. එය ඉතා අවාසනාවන්තයි. අපි කම්පා වෙනවා.. අපි අපේම හිත රිදෙනවා. නමුත් නෙදර්ලන්තයට එරෙහිව හොඳින් ක්‍රීඩා කර ඔවුන්ව පරාජය කිරීමට බලාපොරොත්තු වෙනවා’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka