gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කඩේ ගිය අක්කගෙයි නංගිගෙයි මළ සිරුරු වතුර වළක!

යාපනය කයිට්ස් සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත ගැඹුරු වතුර වළක තිබී දැරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු කයිට්ස් පොලිසිය විසින් පෙරේදා (01වැනිදා ) රාත්‍රියේ සොයාගෙන තිබේ.

වයස අවුරුදු 11ක් වු නිරංජන් විදූෂා හා නිරංජන් අනුෂ්කා නමැති 05 හැවිරිදි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු එලෙස සොයාගත් බව පොලිසිය පැවසූවේ ය.

දැරියන් දෙදෙනා පාපැදියක නැඟී අසල කඩයකට ගොස් ඇති අතර, දැරියන් කඩයට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියන් දෙදෙනාගේ මළ සිරුරු වතුර වළේ තිබි සොයාගත් බවද පොලිසිය පැවසීය.

සහෝදරියන් දෙදෙනාගේ මළ සිරුරු එලෙස සොයාගෙන ඇති අතර, දරුවන් කඩයට ගොස් නැවත නිවසට පැමිණෙන අවස්ථාවේ මාර්ගය අසල තිබූ වතුර වළකට වැටෙන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.

මළ සිරුරු කයිට්ස් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (02වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(මාධව කුලසූරිය - වවුනියාව)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka