gossip lanka

දුම්රිය මාර්ගයේ බස් එලෙව්ව රියදුරුට දුන් අධිකරණ තීන්දුව: මිනී මැරීමට තැත් කිරීම ඇතුලු චෝදනා රැසක්!

විස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේ මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අදාල බස් රථයේ රියදුරු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මිනී මැරීමට තැත් කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපල වලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කල බවයි පොලීසිය පැවසුවේ.
gossip lanka