gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අනේ කමක් නෑ ඕක අයින් කරන්න.." ජීවිතයේ වැදගත් දවසක හිතපු නැති අකරතැබ්බයක් හිනාවෙලා බාරගත්ත මනාලියකගේ කතාව මෙන්න

සමාජ මාධ්‍ය කියන්නේ අපිට බොහෝ දේවල් කියල දෙන තැනක්..

දවසින් දවස එක එක පුද්ගලයින්ට අත්විඳින්න ලැබෙන සිද්ධි ගොඩක් වෙලාවට ෆේස්බුක් හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා.. 

මේත් මුහුණු පොතේ දැක්ක අන්න ඒ වගේ සුවිශේෂී කතාවක්.. කාගෙත් මංගල දවස කියන්නේ ජීවිතේ ගොඩක් වැදගත් ඒ වගේම සුවිශේෂී දවසක්..

ඉතින් ඇගේ විවාහ ගිවිස ගැනීමටත් ඒ කාරණය පොදුයි.. හැම දෙයක්ම හොඳින්ම සූදානම් වෙලා තියෙද්දි, ඇගේ විවාහයට ඔන්න මෙන්න තියා ඇයට දැක ගන්න ලැබෙන්නේ ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි... ඕනෙම උත්සවයකට පස්සේ කේක් එකක් කපන එක අද කාලේ සම්ප්‍රදායක් වෙලා...

ඉතින් මේ විවාහ ගිවිස ගැනීමටත් කේක් එකක් ඇනවුම් කරලා තිබුණා.. ගොඩක් ලස්සනට ඒ මංගල කේක් එක නිර්මාණ ශිල්පියා අතින් නිමැවුණත්, අදාළ ස්ථානයට අරගෙන එන අතරමගදී හිතපු නැති විදිහේ කරදරයකට මුහුණ දෙන්න, ඒක රැගෙන ආපු කෙනාට සිද්ධ වෙලා..

කොහොම වුණත් අවසානයේ ඒ කේක් එක කපන්න මනාල යුවළට අවස්ථාව හිමිවෙලා නෑ.. ඉතින් ඔබ හිතන්නේ මොකක්ද..? ඊට පස්සේ එතන මොන වගේ තත්ත්වයක් උදා වෙන්න ඇත්ද..? බලන්න මේ කතාව, ඇත්තටම ඔබටත් පුදුම හිතේවි..

"කලබල නැති මිනිස්සු

Amaya Hills එකේ තිබුන engagement එකක්.Registration එකට පොඩි වෙලාවයි ඉතුරුවෙලා තිබුනේ (විනාඩි 20ක් විතර). Amaya එකට එන පාර ටිකක් කදු වැඩි නිසා Cake එක අරගෙන එද්දී මෙහෙම වෙලා තිබුනා. නෑදෑ වෙන uncle කෙනෙක්ම තමා අරගෙන ආවෙත්. Wedding එක දවසේ ගොඩක් couples සහ ගෙදර අය ඉන්න කලබල තත්ව කලින් දැකලා තියන නිසා, drama එකක් වෙයි කියලා පැත්තකට වෙලා මම ටිකක් බලාගෙන හිටියා.
Cake එක ගෙනාව uncle ගේ අදුමෙත් එක්ක icing ගෑවිලා තිබුනේ. Cake එක මේසේ උඩින් තියලා “sorry දුව, පාරෙ එනකොට මෙහෙම උනේ" කිව්වා.
වටේ හිටපු අයගේ කටවල් බාගෙට ඇරිලා තිබුනේ,
ඒත් Bride හිනා වෙලා කිව්වා "අනේ කමක් නෑ uncle, ඕක අයින් කරන්න" කියලා. මට හිතාගන්න බැරි උනා කොහොමද එහෙම කලබල නොවී
හිටියේ කියලා. ඒ පවුල් දෙකේ කිසිම කෙනෙක් කලබල කරේ වත් තරහවක් එලියට දැම්මේ වත් නෑ කාගෙවත් පිටින්. ඒ තරම් සංසුන්ව ඒක විසදුනා.
මම Bride ට වෙනම කතා කරලා කිව්වා "අක්කී ජීවිතේ හැමදාම ඔහොම්ම ඉන්න, එහෙම ඉවසන මිනිස්සු දකින්න ලැබෙන එකත් වාසනාවක් කියලා" ඒකටත් එයා හිනා වෙලා "ඒක උනාට පස්සෙ තරහ අරන් වැඩක් නෑ නේ මල්ලී, හිතලා කරන දේවල් නෙමෙයි නේ" කිව්වා.
ඒ අතරේ executive cheff + hotel staff එක මාර support එකක් දුන්නා cake එක පුළුවන් විදිහට shape කරලා දෙන්න ඒ තිබුන ටික වෙලාවත් එක්ක.
සිදුවීම පොඩි දෙයක් වෙන්න ඇති ඒත් ඒ වෙලාවේ එතන හිටපු හැම කෙනාගෙම වගේ හැසිරීම මාර ලස්සනයි. හැමෝම හිනා වෙලා එතනින් යද්දී ගියේ.
කලබල නැති clients ලයි, support staff එක්කුයි ලැබෙන්නත් වෙනම පිනක් තියෙන්න ඕනේ."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka