gossip lanka

ගෙල බැඳි රන් මාලය ගන්න කාන්තාවක මරා වළ­දාලා... සිරුරේ කොටස් සතුන් කා දමලා!

ඇහැ­ළි­ය­ගොඩ ඇරෑ­පොළ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි චන්ද්‍රිකා හෙට්ටි­ආ­රච්චි නමැති 57 හැවි­රිදි කාන්තාව පසු­ගිය අප්‍රේල් 24 දා සිට ආගිය අතක් සොයා­ගත නොහැ­කිව තිබිණි. ඇයගේ පවුලේ ඥාතීන් සෙවී­මට ඇති සැම තැන­කම සොයා, බැරිම තැන කිරි­ඇල්ල පොලි­සි­යට ගොස් පැමි­ණි­ල්ලක් කරන්නේ පොලි­සියේ මැදි­හත් වීමෙන් හෝ ඇය සොයා­ගන්නා අටි­යෙනි. ඒ අනුව කිරි­ඇල්ල පොලි­සියේ නිල­ධා­රීන් පවුලේ ඥාතීන්ද සමඟ ඉකුත් සති 3 පුරා ඇය සොයා­ගැ­නී­මට නොගත් වෙහෙ­සක් නැති තරම්ය.

මේ අත­ර­තුර වෙනත් වෝද­නා­ව­කට ඇහැ­ළි­ය­ගොඩ පොලි­සිය විසින් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබූ 41 හැවි­රිදි පුද්ග­ල­යකු මේ කාන්තා­වගේ අතු­රු­දන් වීම හා සම්බන්ධ බවට තොර­තු­රක් කිරි­ඇල්ල පොලි­සියේ අප­රාධ අංශ­යට ලැබෙන්නේ බුද්ධි අංශ­යෙනි. ඒ අතු­රු­දන්ව සිටි කාන්තව පැලඳ සිටි රන් සුර­යක් කිරි­ඇල්ල නග­රයේ ස්වර්ණා­භ­රණ හල­කට අලෙවි කළ 28 හැවි­රිදි තරු­ණ­යකු අත්අ­ඩං­ගු­වට ගත් අව­ස්ථාවේ දී තිබූ තොර­තු­රක් මතය.

ඒ අනුව පොලිස් නිල­ධා­රීහු කුරු­විට බන්ධ­නා­ගා­ර­යට ගොස් එම සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කළහ. එහිදී අනා­ව­ර­ණය වී ඇත්තේ අතු­රු­දන්ව ඇතැයි සිතූ කාන්තාව ඝාත­නය කර කිරි­ඇල්ල හාන්දු­කන්ද ප්‍රදේ­ශයේ කැල­යක වළ දමා ඇති බවයි. මේ අප­රා­ධය සිදු කර තිබුණේ ප්‍රශ්න කිරී­මට ලක් වූ බන්ධ­නා­ගා­ර­ග­තව සිටි සැක­කරු විසිනි.

මේ අනා­ව­ර­ණ­යත් සමඟ අධි­ක­රණ නියෝ­ග­යක් මත කිරි­ඇල්ල හා ඇහැ­ළි­ය­ගොඩ පොලි­සි­වල නිල­ධා­රීන් පෙරේදා (15) මළ සිරුර ගොඩ ගන්නට කිරි­ඇල්ල හාදු­ක­න්දට යන්නේ බන්ධ­නා­ගාර නිල­ධා­රීන් සමඟ සැක­ක­රුද රැගෙ­නය. එහිදී සැක­කරු පෙන්වූ ස්ථානය හාරා ගොඩ ගැනී­මට හැකි­යාව ලැබෙන්නේ කාන්තා­වගේ සිරේ කොටස්ය. ඒ එම සිරුර ඒ වන විට බොහෝ සේ නරක්ව තිබුණු බැවිනි. දිය වී තිබුණු සිරුරේ කොටස් සතුන්ද කා දමා තිබී ඇත. සිරුර ඇගේ ඥාතීන් විසින් හඳු­නා­ගනු ලබන්නේ ඇය හැඳ සිටි ඇඳු­ම්ව­ලිනි. ප්‍රශ්න කිරීම් හමුවේ සැක­කරු පොලි­සි­යට පවසා ඇත්තේ

ගෙල සිර කර මේ කාන්තාව පසු­ගිය අප්‍රේල් 24 දා ඝාත­නය කර, ඇයගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑ බවයි. කිරි­ඇල්ල පොලි­සියේ ස්ථානා­ධි­පති චමින්ද පෙරේ­රාගේ මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශ‌යේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඩබ්.ඩී.ඩී.එස්. දිසා­නා­යක, පො.සැ. 28983 උපාලි, පො.කො. 83095 දිනේෂ්, පො.කො. 70165 දේශාන් පො.කො. 385897 ප්‍රදීප් යන නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.
gossip lanka