gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔබේ දරුවා ආරක්ෂිතද? දරුවන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස සකසා බෙදාහැරීමක් ගැන අනාවරණයක්!

පොලිස් මූලස්ථාන ළමා හා කාන්තා කාර්යාංශය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා වෙත දැනුම්දීමක් සිදු කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරු දැරියන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් සංස්කරණය කර අන්තර්ජාලයේ මුදා හැරීමක් සම්බන්ධයෙන් ඇමරිකාවේ දරුවන් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව වෙත සිදුකර ඇති දැනුම්දීමක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකා විසින් එලෙස අධිකරණය වෙත දැනුම් දී ඇත්තේ ඇමරිකානු රජය විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් එම දැනුම්දීම මෙරටට සිදුකර ඇති බවයි.

එසේම ස්ථානාධිපතිනිය විසින් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ එම සමාගම විසින් රටවල් 181ක දරු දැරියන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිදුකරන ලද විමර්ශණයකදී ශ්‍රී ලංකාවේ දරු දැරියන්ගේ ඡයාරෑප අසභ්‍ය ලෙස නිර්මාණය කරමින් අන්තර්ජලය හරහා මුදාහැර ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි.

එමෙන්ම මෙරට දරු දැරියන් කොපමණ පිරිසකගේ ඡායාරූප එසේ අසභ්‍ය ඡයාරූප ලෙසට සංස්කරණය කර ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අනතුරුව එම දරුවන් සංඛ්‍යාව සහ එම ඡායාරෑප සංස්කරණය කර බෙදා හරිනා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ස්ථානාධිපතිනිය වැඩිදුරටත් පැවසුවා.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කරනු ලැබුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka