gossip lanka

කෙලෙස කියන්නද පුතේ අම්මා අප හැරදා ගිය වග.. පුතුගේ විභාගය නිමාවන තෙක් මවගේ වියෝව සඟවා සිටි පියෙකුගේ අනුවේදනීය කතාවක් මෙන්න

සමහර වේලාවට  අපි හිතන්නේවත් නැති විදිහේ දේවල් නිසා අපේ ජීවිතයේ කඩාවැටීම්වලට ලක් වෙන්න වෙනවා..

ඒ තාත්තා කොහොම නම් දින ගණනක් මේ දුක සඟවාගෙන ඉන්න ඇතිද..? 

පුතුගේ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වන තුරු මවගේ වියෝව සඟවා සිටි පියෙක් පිළිබඳව අනුවේදනීය පුවතක් වාර්තා වෙනවා...

ඒ ගාල්ල ප්‍රදේශයෙන්..

පසුගිය 12වැනිදා නිවසේ සාමාජිකයන් සමඟ මෙම මව දිවා ආහාරයෙන් අනතුරුව අතුරුපස සඳහා අයිස්ක්‍රීම් ආහාරයට ගනිමින් සිට තිබෙනවා..

එහි දී එක්වරම ඇති වූ කැස්සක් හේතුවෙන් මෙම මව සිහිසුන්ව ඇද වැටී තිබෙනවා..

එහි දී ඇය රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ..

ඇය ජීවිතක්ෂයට පත්වන විට ඇගේ පුතුට විභා­ගය නිම වීමට තිබුණේ දින 4ක් පමණයි..

මවගේ වියෝව පුතුට දරාගත නොහැකිව ඔහුගේ කඩඉම් විභාගය අසාර්ථක කර ගනීවි යන බිය නිසාම මේ ශෝක ජනක පුවත පුතුට වසන් කිරීමට පියා ඇතුළු ඥාතීන් තීරණය කර තිබෙනවා..

කෙසේ වෙතත් පුතුගේ විභාගය ඊයේ දිනයෙන් නිමාවට පත් වූ අතර එතෙක් රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර තබා තිබූ දේහය ඊයේ (16) ගාල්ලේ පිහිටි ඇගේ නිවෙ­සට ගෙන ඒමට නිය­මි­ත බවයි වාර්තා වෙන්නේ...
gossip lanka