gossip lanka

ජීවිතේ එක් කඩයිමකට මුහුණ දෙන්න ගිය ඒ දෙන්නා ගිය ගමන ගැන හෝඩුවාවක්වත් නැද්ද..? ගිනිගත්හේනම ඇවිළුණු ඒ කතාව ගැන ඇසෙන දේ මෙන්න

මේ ජීවිතේ එක් කඩයිමක්..

ඒ කඩයිම ජයගෙන ඉදිරිය වාසනාවන්ත කරගන්න ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. 

ඒත් එයාලා හිතපු නැති විදිහට සිද්ධ වෙච්ච මේ දේ නිසා තවමත් බොහෝ දෙනෙක් ඉන්නේ කනස්සල්ලෙන්.. ඒත් එක්කම ඇත්තටම මේ සිසුවියන්ට මොකද වුණේ..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. පසුගිය දවසක අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම  විභාග මධ්‍යස්ථානයට පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි පුවතක් ගිනිගත්හේනෙන් වාර්තා වෙනවා..

මේ සම්බන්ධයෙන්  සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් පැමිණිල්ලක් කර ඇතැයි ගිනිගත්හේන පොලිසිය පවසනවා..

මෙම සිසුවියන් දෙදෙනා පෙරේදා උදෑසන විභාගයට පෙනි සිටිම සදහා විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද එම පැමිණිල්ලේ සදහන්..

එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බවයි විභාගයට පෙනී සිටි ඇගේ මිතුරු මිතුරියන් පවසන්නේ.. 
gossip lanka