gossip lanka

ඒ ඛේදනීය අවසානයෙන් ඇයටත් දිවි අහිමි වෙලා.. දියතලාවේ තරගය බලන්න ගිය තත්සරණිගේ කඳුළු කතාව මෙන්න

මේ කියන්න යන්නේ ෆොක්ස් හිල් ධාවන තරඟයේ තවත් ඛේදනීය පුවතක්..

අවුරුදු 5කද්ට පස්සේ සමීප වුණු මේ  අත්දැකීම විඳගන්න බොහෝ දෙනා හිටියේ නොඉවසිල්ලෙන්.. 

තත්සරණිත් ඒ අත‍රින් කෙනෙක්.. ඒත් අවසානයේ ඒ තරගය අතර තුර සිදුවුණේ කවුරුත් නොසිතූ දෙයක්.. ඒ වගේම ඒ නොසිතූ අවසානය නිසා බොහෝ දෙනෙක්ට දිවි අහිමි වුණා..   

මේ සිද්ධියෙන් 7 දෙනෙකුට දිවි අහිමිවුණා.. සති ගණනක් පුරා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චාමින්දි සත්සරණි මිය ගියා.. ඇ‍ය මේ වන විට වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවක්..

තත්සරණි දියතලාව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ සිසුවියක් වෙනවා.. මෙම මාරාන්තික රිය අනතුරින් සත් දෙනකුට දිවි අහිමි වුණ අතර,  එහිදී ධාවන තරගයේ සහායකවරු සිවුදෙනකුට දිවි  අහිමි ව තිබුණා..  එසේම මියගිය සෙසු පුද්ගලයන් ධාවන තරගය නැරඹීමට පැමිණි අය බවටයි වාර්තා වෙන්නේ..

මෙලෙස මියගිය අය අතර වැලිමඩ අට හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා, 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාරි, සීදූවේ 19 හැවිරිදි චමත් නිරෝෂන්, මාතර 62 හැවිරිදි අරුණ ශාන්ත උපාලි ගමගේ, අකුරැස්සේ 20 හැවිරිදි අෂේන් හීනටිගල, මාතර 60 හැවිරිදි ගනේෂ් විජයවර්ධන හා 32 හැවිරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩක රසිත අබේනායක යන අය  අයත් වෙනවා.. 
gossip lanka