gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නකු වූ සචිත්‍ර සේනානායක ගැන ඇසෙන අලුත්ම පුවත

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දු යවන්නකු වූ සචිත්‍ර සේනානායක ගැන මේ පුවත.

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරුගේ කටහඬ පරීක්ෂණය සිදු කර තිබුණ ද එම පරීක්ෂාව සිදු කරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කටහඬ පරීක්ෂණය මීට වසරකට පමණ ඉහතදී සිදු කළද එහි වාර්තාව මෙතෙක් නොලැබීම තුළින් තම සේවා දායකයාට අසාධාරණයක් සිදුවන බව පෙන්වා දී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමටද නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

2019 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සචිත්‍ර සේනානායක මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.
gossip lanka