gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලු මස් කොත්තු විකුණූ අවන්හලකට හැට පන්දහසක දඩයක්!

ඊයේ (17) යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ අවන්හලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තබනු ලැබුවේ හරක් මස් වෙනුවට බලු මස් සහිත ආහාර ලබාදී තිබීම හේතුවෙන් ප්‍රමිතියෙන් තොර ආහාර ලබාදීමේ චෝදනාව මතයි.

එම ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙක් පසුගිය 15 වනදා හවස මෙම අවන්හලෙන් හරක් මස් කොත්තුවක් මිලට ගෙන තිබූ අතර එහි සැක සහිත ලෙස පෙනෙන ලොම් ගොඩක් සහිත මස් කැබැල්ලක් හමුවීම හේතුවෙන් ඔහු ඒ පිළිබඳ වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

නමුත් එම පැමිණිල්ල සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් එදින කිසිදු ප්‍රතිචාරයක් නොවීම මත එම පුද්ගලයා වෙළඳසැලෙන් ආහාර ලබා ගත් කුවිතාන්සිය සහ එම මස් ඇතුලත් ඡායාරූපයක් තෙල්ලිපලෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අවධානයට යොමු කර ඇති බව සඳහන්.

අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමින ඊයේ (17) අවන්හල පරීක්ෂා කර ඇති අතර එහිදී ආහාරයට නුසුදුසු මස් වර්ග රැසක් සොයාගෙන ඇති අතර ආහාර අපිරිසිදුව තබාගැනීම, මස් මිලදීගත් රිසිට්පත් නොමැති වීම ආදී අක්‍රමිකතා රැසක්ද හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවත් රුපියල් 65,000ක දඩයක් සහිතව අවන්හල මුද්‍රා තබා ඇති බව වාර්ථා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka