gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමාන්‍ය පෙළ ලියන්න ආ සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්... පැහැර ගත්තාදැයි සැකයක්!

ඊයේ (14) දින, සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගී වීමට විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි සිසුවියන් දෙදෙනෙකු නැවත නිවෙස් වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.

අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා පැමිණ ඇති අදාළ සිසුවියන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් දැක ඇති අතර, ඉන් පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදුකළ මුලික විමර්ශනවලදී පොලීසියට සොයාගෙන ඇත.

එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතට ඔවුන් ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි කාරියන් වේ.

ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සඳහන් වී ඇති බව පොලීසිය පවසයි.

ගිනිගත්හේන පොලීසිය විසින් සිසුවියන් සොයාගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.

සිසුවියන්ගේ භාරකරුවන් කියා සිටින්නේ යම් අණතුරක් සිදුකිරීමේ අරමුණින් සිසුවියන් පැහැරගෙන ගොස් ඇති බවට සැකයක් පවතිනා බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka