gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“නැන්දා වැඩිපුර කැමති වුණේ මම ජීව විද්‍යා අංශයෙන් වෛද්‍යවරියක් වෙන එකට… නැන්දට ඒක කරගන්න බැරි වුණා” – සෙනාලි

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන සිනමා නිර්මාණ හරහා ක්ෂේත්‍රයට ආපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ.පසුගිය කාල සීමාවේදී නම් ඇය වැඩිපුර නිර්මාණත් එක්ක සම්බන්ධ වුණේ නෑ. ඒකට ප්‍රධානම හේතු ඇගේ ආදරණීය මව අසනීප වෙලා එක තැන් වුණු නිසයි.

ඒ වගේම වසංගතය තිබුණු කාල සීමාවේ දී සෙනාලිගේ ආදරණීය තාත්තයින්ගලන්තයේ ජීවත් වෙද්දි වසංගතය වැළඳිලා ජීවිතෙන් සමුගත්තා. ඒ සියලුම මානසික පීඩනයන් එක්ක ඇය බොහොම කටුක කාලයක් තමයි පසුගිය දවසක ගත කරේ.අද වෙද්දි සෙනාලට අම්මයි තාත්තයි දෙන්නම නෑ. ඇය මේ දුක දරාගෙන ජීවිතේ ඉදිරියට යන්න තීරණය කරනවා.

සෙනාලි අම්මයි තාත්තයි එක්ක බොහෝ කාලයක් ජීවත් වුණේ එංගලන්තේ. එංගලන්තයේ වැඩ කටයුතු කිහිපයක් තියෙන නිසා ඇය මේ දවස්වලත් ඒ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා.හැබැයි ලංකාවට ඇවිල්ලා ආයෙමත් සැරයක් ඇය කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම්.ඇය රංගනයට ආස උනත් ඉලක්ක තිබ්බේ වෙන පැත්තක.ඒවගේම සේනාලිගේ ආදරණීය නැන්දා තමයි මාලනී ෆොන්සේකා කියන්නේ. කලා ලෝකයට ඇය එනවට මුලින්ම නැන්දා මොකද කිව්වේ කියලා අහපු අවස්ථාවකදී සේනාලි කිව්වේ මේ වගේ කතාවක්.

“මං ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් අධ්‍යාපනය හදාරලා විද්‍යාඥවරියක් විදිහට උපාධිය සම්පූර්ණ කළා. නැන්ද වැඩිපුර කැමති වෙන්න ඉඩ තිබුණ මං ඒ පැත්තෙන් ඉහළටම ගියා නම්. ඒකට හේතුව නැන්දගෙ හීනය වෙලා තිබුණෙත් වෛද්‍යවරියක් වෙන එක. කලාවටම කැපවුණු නිසා නැන්දට ඒක මිස්වෙලා. ඊට පස්සෙ එයා අපේ තාත්තව ඒ පැත්තට යොමු කරවලා ඒ හීනය සැබෑ කරගන්න උත්සාහ කරල තිබුණා. ඒත් එයාගෙනුත් ඒ අවස්ථාව ගිලිහිලා ගිහින්. ඒ නිසා නැන්දගෙ හිතේ මං හරි ඒ පැත්තට යවන්න ලොකු කැමැත්තක් තිබුණා. ඒත් මං කලාවට ආව කියල ඇගේ අකමැත්තක් තිබුණෙත් නැහැ. කාලයක් මං එපාවීමක් නිසා පැත්තකට වෙලා ඉද්දි එයා කීවෙ. ඔයා කලාවට ආදරෙයි නම් ආයෙත් ඒ දේවල් කරන්න කියලා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka