gossip lanka

‘මට නැටුම් වරදින්න ඇති ඒත් ජීවිතේ වැරදිලා නෑ” – හැමෝම කතාවෙන නැටුම ගැන චන්දිමාල් කට අරී!

චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි. 

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

මෙරට විතරක් නෙවෙයි, චන්දිමාල්ට ඇති ජාත්‍යන්තර පිළිගැනීමත් සැලකිය යුතු මට්ටමේ පවතින්නක්.

ජනප්‍රිය සහ දක්ෂ රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නර්තනයේ යෙදෙන වීඩියෝවක් හුවමාරු වීමත් ඊට ලැබෙන ප්‍රතිචාරත් පෙන්වා දෙන්න පුළුවන්.

චන්දිමාල් ජයසිංහ කියන්නෙ තමන්ට එල්ල වන කවර අපහාස, උපහාස වුව උපේක්ෂාවෙන් දරාගෙන සිය ගමන සාර්ථකත්වය කරා රැගෙන යන්නෙකි.

මෙවරත් ඔහු තමන් විෂයෙහි හුවමාරු වන වීඩියෝව සහ ඊට ලැබෙන සෑම ප්‍රතිචාරයක්ම මෙසේ ආමන්ත්‍රණය කර තිබුණා….

”මම නටපු වේදිකාවේ තාම නටන අයට….

මට නැටුම් වරදින්න ඇති ඒත් ජිවිතේ වැරදිලා නැ

ඔයාලා මුලින්ම ජිව්තේ කියන නැටුම හදා ගන්න උත්සහ කරන්න cj”
gossip lanka