gossip lanka

"අනේ ඔයාට එහෙම වත් දෙයක් මට අරන්දෙන්න බැරිද..?" කෙටි කෑමකට ලොල්වූ බිරිඳට පාඩමක් උගන්වන්න ගිය සැමියාගේ අතට දික්කසාද ලියවිල්ලක්!

විවාහක යුවලක් අතර සිදුවුණු අපූරු කතාවක් තමයි මේ කියන්න යන්නේ..

ආදරය කරලා කසාද බැඳලා අවුරුද්දකට පස්සේ මේ වගේ කතාවක් අහන්න ලැබෙනවා කියන්නේ..

ඇත්තටම ඒ ගැන නම් හිතාගන්න වත් බැහැ.. මේ කතාව ඇහෙන්නේ ඉන්දියාවෙන්.. මෙම යුවළ පසුගිය වසරේ විවාහ දිවියට පිවිස ඇති අතර, තම බිරිඳට කුර්කුරේ සඳහා තිබූ අසාමාන්‍ය රුචිකත්වය සම්බන්ධයෙන් සැමියා ගැටලුවක් ඇතිවී තිබෙනවා..

"කුර්කුරේ" කියන්නේ ඉන්දියාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කෙටි කෑම වර්ගයක්..

කොහොම වුණත්, ඉන්දියාව තුළ ජනප්‍රිය පැකට් කළ කෙටි ආහාරයක් වන කුර්කුරේ පැකට්ටුවක් ලබා නොදීම හේතුවෙන් සිය සැමියාගෙන් දික්කසාද ඉල්ලා තිබුණා..

පසුගිය දිනක බිරිඳ විසින් කුර්කුරේ පැකට්ටුවක් සැමියාගෙන් ඉල්ලා ඇති අතර, එය ලබා නොදීමට සැමියා කටයුතු කිරීමත් සමඟ කෝපයට පත්ව ඇය දෙමාපියන්ගේ නිවසට ගොස් තිබෙන අතර, පසුව ඇය සිය සැමියාගෙන් දික්කසාදවීමට අවශ්‍ය බව පවසා පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබුණා..

කෙසේ වෙතත් මේ පැමිණිල්ලෙන් පසුව ඔවුන් දෙදෙනාව උපදේශන සේවාවකට යොමු කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ..
gossip lanka