gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විස්සයි20 ලෝක කුසලානයට IS ත්‍රස්ත තර්ජන: කොදෙව් දූපත් සීරුවෙන්!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට තවත් මාසයකටත් අඩු කාලයක් ඉතිරිව ඇති පසුබිමක, එම තරගාවලියට IS ත්‍රස්ත සංවිධානයෙන් තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ඇෆ්ගනිස්තාන-පාකිස්තාන ශාකාවක් වීඩියෝ පටයක් මුදාහරිමින් ලෝක කුසලානය ඉලක්ක කර තමන් ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජන එල්ල කර ඇති බව සඳහන්.

එමෙන්ම මේ සඳහා ඔවුන් තම සටන සඳහා එක්වන ලෙස සෙසු රටවල ත්‍රස්ත සාමාජිකයන්ගෙන්ද ඉල්ලීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බ.ඉ. කොදෙව් දූපත්හිදී සහ ඇමෙරිකා එක්සත් ජනපදයේදී ලබන ජූනි මස 01වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

එවන් තත්ත්වයක් තුළ කොදෙව් දූපත් කිහිපයක්ම වෙත IS ත්‍රස්තයින් තර්ජන එල්ල කර තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් බ.ඉ. කොදෙව් ක්‍රිකට් බලධාරීන් සඳහන් කර තිබුණේ, ත්‍රස්ත තර්ජනය අවම කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka