gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ප්ලීස් අයියේ! මට සමාවෙන්න,මම එයත් එක්ක යනවා" හොර රහසේ කැන්දාගෙන ආ පෙම්වතිය මිතුරා ඩැහැගෙන ගිහින්... පෙම්වතා පොලිසියේ පිහිට පතයි

මුහුණු පොතෙන් හාදවී හොර රහසේ කැන්දාගෙන ආ පෙම්වතිය තම මිතුරා ඩැහැගෙන ගිය බැවින් ඇය ලබාදෙන ලෙස ඉල්ලා තරුණයකු පොලිසියේ පිහිට පැතූ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පොලිසිය පැවසූ අයුරින් සිද්ධිය මෙසේය.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් අගලවත්ත ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු මුහුණු පොත හරහා හඳුනාගෙන ටික කාලයක් මිතුදම් පැවැත්වූවාය.

එහිදී මිතුරන් දෙදෙනකු වූ තරුණයන්ගෙන් එක් අයකු තරුණියගේ පෙම්වතා ලෙසත් අනෙක් තරුණයා සාමාන්‍ය මිතුරකු ලෙසත් ඇසුරු කරමින් සිටියදී තරුණියත් පෙම්වතාත් හොර රහසේ විවාහ වීමට තීරණය කළහ.

ඒ අනුව පෙම්වතා තම මිතුරා ද සමග රුපියල් 25,000 ක කුලී ගාස්තුවක් ගෙවා ත්‍රීරෝද රථයක් රැගෙන දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයට ගොස් සිය පෙම්වතිය කැටුව අගලවත්තට පැමිණියහ.

පෙම්වතා තම නිවැසියන්ට නොපවසා මනමාලිය කැන්දාගෙන ආ නිසා ඇය සමග එකවර නි‍වෙසට යාමට නොහැකි බැවින් ඇය මිතුරාගේ ගෙදර නවත්වා නිවැසියන්ට කරුණු පැහැදිලි කර තම යතුරුපැදිය ද රැගෙන ඒම සඳහා නිවෙසට ගියේය.

තරුණයා ගෙදර යන අතරතුර තරුණියගෙන් පෙම්වතාට දුරකතන ඇමතුමක් ලැබිණි.

එයින් කියැවු‍ණේ තමාට ඔහු සමග පැමිණිය නොහැකි බවත් තමා අනෙක් මිතුරා සමග විවාහ වීමට කැමති බවය.

මේ අවස්ථාවේ කිසිවක් කර කියා ගත නොහැකි වූ තරුණයා පොලිසිය වෙත පැමිණ තම පෙම්වතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේ බැගෑපත් වෙමිනි.

ගැටලු නිරාකරණය කිරීම සඳහා තිදෙනාම පොලිසිය වෙත කැඳවීමෙන් පසුත් තරුණිය දිගින් දිගටම තම පෙම්වතා ප්‍රතික්ෂේප කළාය.

ඒ , මිතුරා සමග යාමට අවශ්‍ය බව ඇය ස්ථිර වශයෙන්ම වශයෙන් ම ප්‍රකාශ කළ නිසාය.

ඔයින් මෙයින් වූවේ පොලිසිය ඉදිරියේ එකඟතාවකට පත්ව නියම පෙම්වතාට හිස් අතින් ආපසු ගෙදර යාමට සිදු වීමය.
ප්‍රේමතිලක පෙරමුණ ‍
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka