gossip lanka

"ඔවුන් විවාහ කරවා විදෙස් ගත කරන්න උත්සාහ කළත් ඔහු අකමැති වුණා..." - වයඹ කැළඹූ කුලියාපිටිය සුසිත ඝාතනයේ සුලමුල මෙන්න - video

පෙම්වතිය බැලීමට ඇයගේ නිවසට ගොස් සිටියදී අතුරුදන්වූ බව පැවසෙන කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ තරුණයාගේ මළ සිරුර දින 15කට පසුව හලාවත මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ රක්ෂිතයකින් අද සොයා ගැනුණා.

පොලිසිය පැවසුවේ අතුරුදන්වු තරුණයාගේ ජංගම දුරකථන සබඳතාව අවසන් වරට විසන්ධි වී ඇති පුත්තලම ප්‍රදේශයේ පිහිටි කැලැබද ප්‍රදේශයක පොලිසිය සිදුකළ සොදිසි කිරීමකදි මළ සිරුර හමුව ඇති බවයි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත ජයවංශ නමැති තරුණයෙක් පසුගිය මස 22 වැනිදා කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබු අතර, එම අවස්ථාවේ සිට එම තරුණයා අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබුණා.

ඒ අනුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අදාළ පෙම්වතියගේ නිවැසියන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගියද ඔවුන් එම නිවසින් පළා ගොස් තිබුණා.

පසුව පොලිසිය එම නිවැසියන්ගේ ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙසයි.

මේ අතර, අදාළ තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නමැති පුද්ගලයා යටතේ සේවය කළ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ආවරණ කර ගැනුණා.

ඔවුන් පවසා ඇත්තේ අතුරුදන්ව සිටින අදාළ තරුණයාගෙන් තම දියණිය ගැබ්ගෙන ඇති බව ඇගේ පියා වන සිගිති නමැති පුද්ගලයා තමන්ට පැවසු බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා විවාහ කරවා විදේශයකට පිටත් කර හැරීමට තමන් උත්සහ ගත් නමුත්, ඊට ඇගේ පෙම්වතා එකඟ නොවූ බවත් සිගිති නමැති පුද්ගලයා පැවසු බව ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

පසුව අදාළ තරුණයාගේ අත්පා බැඳ මෝටර් රථයක නංවාගෙන කුලියාපිටිය ප්‍රදේශයේ සිට දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිගිති නැමැත්තාගේ මහගෙදරට රැගෙන යෑම සඳහා තමන් කටයුතු කළ බවද ඔවුන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මේ අතර, තරුණයා පැහැරගත් බව පැවසෙන වෑන් රථයක් සොයා ගැනීම සඳහා ද පොලිසිය පසුගිය දා මහජන සහාය පැතු අතර, එම වෑන් රථය විල්ගමුව ප්‍රදේශයේ දමා ගොස් තිබියදි සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

මේ අතර, අතුරුදන්වු අදාළ තරුණයාගේ ජංගම දුරකථන සබඳතාව අවසන් වරට විසන්ධි වී ඇති පුත්තලම ප්‍රදේශයේ පිහිටි කැලැබද ප්‍රදේශයකද පොලිසිය සොදිසි කිරීම් සිදුකර තිබුණා.

ඒ අනුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සුසිත ජයවංශ නමැති තරුණයාගේ සිරුර ඔහු අතුරුදන්ව දින 15කට පමණ පසු සොයාගැනීමට පොලිසියට හැකි වුණා.

ඒ හලාවත මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත ප්‍රදේශයේ තිබියදීයි.
gossip lanka