gossip lanka

ඒ දෙන්නාගේ විවාහයේ මොන තරම් ගැටලු තිබුණත් මේ විදිහට බිරිඳගේ හුස්ම නතර කරන්න ඔහුට පුළුවන් වුණේ කොහොමද..? සුරූපී බිරිඳකගේ හුස්ම නතර කළ හිටපු ඇමතිවරයාට වසර 20ක සිර දඬුවමක් නියම වෙයි

ඇය දරුණු ලෙස වධ හිංසාවට ලක් වුණේ පැය 8ක කාලයක් තිස්සේයි..

ගැහැනියක් කොහොම නම් මේ දේවල් දරා ගන්නද..? මේ කියන්න යන්නේ කසකස්තානය පැත්තෙන් ඇහෙන කතාවක්.. 

කසකස්තාන රාජ්‍යයේ හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා වන කුවන්ඩික් බිස්හිම්බයෙව් වසර 20ක් දක්වා වන සිර දඬුවමක් නියම වී තිබෙනවා..

විදෙස් මාධ්‍ය පවසන පරිදි මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙම දිනවල කසකස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයට ඉදිරිපත්ව ඇති සීසීටීවී දර්ශන සාක්ෂිවලට අනුවයි මේ නඩු තීන්දුව ගෙන ඇත්තේ..

හිටපු කසකස්තාන ඇමතිවරයා ඉකුත් නොවැම්බර් මස 09 වැනිදා එරට විශාලතම නගරය වන අල්මාටි නගරයේ පිහිටි පවුලට අයත් හෝටලයක විශේෂ අමුත්තන් සඳහා වන කාමරයකදී පැය අටකට අධික කාලයක් අතින් පයින් අමානුෂික අයුරින් පහරදී ඇති බවට අනාවරණ වී තිබුණා..

ඉන් පසු සිය 31 හැවිරිදි බිරිය වන සල්ටනට් නුකේනොවා ඝාතනය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ..

පැය අටකට අධික කාලයක් සිය බිරියට පහර දී ඇති බිස්නිම්බයෙව් හිටපු කසකස්තාන ඇමැතිවරයා අනතුරුව ඇයගේ කොණ්ඩයෙන් ඇදගෙන හෝටලයේ සීසීටීවී කැමරා නොමැති කාමරයකට ඇදගෙන යන අයුරු අදාළ කැමරා දර්ශනවලින් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා..

ලේ වහනය වෙමින් සිය බිරිය මැරී වැටී සිටියදී ඝාතක සැමියා දුරකථනයෙන් ශාස්ත්‍ර කියන්නකුට අමතා බිරිය හොඳින් සිටින බව කියවාගෙන ඇති බව ද අනාවරණය වී තිබෙන අතර, අනතුරුව පැය 12කට පමණ පසු ගිලන් රථයක් ගෙන්වා හිටපු ඇමතිවරයාගේ බිරිය රෝහල්ගත කිරීමට උත්සාහ දරා ඇතත් එහිදී ඇය මියගොස් ඇති බව ප්‍රකාශ වී තිබෙනවා...

ඔහු සිය බිරියට අමානුෂික අයුරින් පහරදී මරා දැමීමේ සිද්ධියට අදාළ සීසීටීවී කැමරා දර්ශන ප්‍රසිද්ධ වීමත් සමගම එය එරට පුරා දැඩි කතාබහට ලක්වුණා..

ඒ සමඟම කසකස්තානය පුරා මෙවැනි හිංසාකාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂණ රැසක් සංවිධානය වී තිබුණා.. 
gossip lanka