gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියා රෝගී වනතෙක් රහසේ නිදි පෙති පොවා අසම්මත පෙමක පැටලුණු බිරිඳක් නීතිය හමුවේ සිදුකළ ඇග හිරිවැටෙන පාපොච්චාරණය

රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රාදේශිය රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයෙකු ලෙස සේවය කරනා පුද්ගලයෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නිදිපෙති අධිමාත්‍රා ශරීර ගතවී ඇති බවට හෙලිවීම හේතුවෙන් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එම සිදුවීමෙන් පසු ස්වාමිපුරුෂයාට නිදි පෙති දී ඇති බවට සැකපිට එම පුද්ගලයාගේ 26 හැවිරිදි බිරිඳ මස්කෙළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඇය සිදුකල පාපොච්චාරනයක් මත සුවිශේෂී සිදුවීමක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

අදාල අඹූ සැමි යුවල මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නිල නිවාසයක පදිංචිව සිට ඇති අතර පසුගිය අප්‍රේල් මස (13) වන දින වැඩ නිමා කර නිවසට පැමිණි සිය සැමියාගේ කිරි තේ එකට නිදි පෙති කලවම්කර දී ඇති මෙම කාන්තාව එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන අනියම් සැමියා යැයි කියන පුද්ගලයා නිවසට ගෙන්වා ගත් බවට ඇය සැමියා සහ ඇයගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇත.

එම පාපොච්චාරනයෙන් පසු පොලීසිය විසින් සැකකාර කාන්තාව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරු එච්.එම්.ෆරීඩ්ඩීන් මහතා විසින් නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka