gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'දරුවන් දුවගෙනත් ගිහින්..' - අවුරුදු ගාණකින් සැඟවුණු 'සඳමාලිගේ' අබිරහස බතල ශාන්තගෙන් හෙළි වෙලා (VIDEO)

සිව්වසරක් මුළුල්ලේ සිදුකළ විමර්ශනයකින් පසුව ගාල්ල තවලම ප්‍රදේශයේ දී සිදුවූ කාන්තා ඝාතනයක අබිරහසක් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් ය.

ඒ අනුව එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාවගේ අනියම් සැමියා විසින් ඇය ඝාතනය කර ඇති බවයි.

එලෙස ඇයව ඝාතනය කර සිරුර වැසිකිළි වළකට දමා ඇත.

මීට වසර හතරකට පෙර ඝාතනය කෙරුණු 29 හැවිරිදි තිදරු මවකගේ මෘතදේහය ගාල්ල තවලම හල්ලකන්ද ප්‍රදේශයේ කැලෑබද ඉඩමක වැසිකිලි වලක සඟවා තිබිය දී ගොඩගෙන ඇත.

නිලූෂිකා සඳමාලි නම් ඇය 2020 වසරේ ජූනි මස 6 වනදා සිට අතුරුදන්ව තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් ඇයගේ මව විසින් එවක පොලිසියට පැමිණිල්ලක්ද ගොනුකර ඇති අතර සිය පළමු විවාහයෙන් වෙන් වූ නිලූෂිකා සිය දරුවන් දෙදෙනාද සමඟ "බතල ශාන්ත" නමැත්තෙකු සමඟ දිවිගෙවමින් සිට ඇත.

පසුව ඔහුට දාව එක් පුතෙකුද ඇයට සිට ඇති අතර මෙම තිදරු මවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය එවකට විමර්ශන සිදුකළද කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එවන් පසුබිමක සිද්ධිය සම්බන්ධ විමර්ශන ගාල්ල කොට්ඨාස අපරාධ අංශය වෙත යොමු කර ඇත.

ඒ අනුව වසර හතරක් මුළුල්ලේ විමර්ශන සිදුකළ පොලීසිය අතුරුදන් කාන්තාවගේ අනියම් සැමියා වන "බතල ශාන්ත" හෙවත් හේනගොඩගේ ශාන්ත නැමැති 44 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබී ය.

එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු විසින් ඇයට පහරදී ඝාතනය කර, සිරුර නිවස අසල වැසිකිලි වළක සැඟ වූ බවට ය.

ඔහු විසින් පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳට පහර දී ඇති අතර පසුව  ප්‍රදේශයේ නිවසක පැවති සාදයකට සහභාගී වී සිට ඇත.

එහිදී දරුවන් පැමිණ මව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට ඔහුට දැනුම් දී තිබෙනවා.

ඒ වනවිට බීමතින් සිටි බතල ශාන්ත නිවසට පැමිණ යළි බිරිඳට පහරදී ඇති බව අණාවරණය වීය.

අනතුරුව පසුදින උදෑසන ඇයගේ සිරුර සීතල වී තිබීම හේතුවෙන් එය ඇඳ ඇතිරිල්ලක ඔතා වැසිකිලි වළකට දමා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පසුව ඒ සම්බන්ධයෙන් සැක නොසිතෙන අයුරින් බිරිඳගේ නිවසට ද ගොස් ඇය පිළිබඳව විමසා තිබෙනවා.

කෙසේ වෙතත්, එලෙස ගොඩගැනුණු මෘතදේහය නිලූශිකාගේ බවට දරුවන් හා ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර ඇය පැළඳ සිටි කරාඹුවක් ද හමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka