gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නළලට වෙඩි වැදිලා - බිරිඳව බේරගන්න දිවි පරදුවට තබා රුසියා යුද බිමට ගිය එරන්දගේ සංවේදී කතාව (VIDEO)

රුසියානු යුද අර්බුදයට මැදිව ජීවිත අහිමි වූ ආබාධිත තත්ත්වයට පත් වූ සහ විවිධ පීඩාවන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් රැසක් මේ වන විට සිටියි.

එම බිහිසුණු අත්දැකීමට මුහුණ දී මෙරටට පැමිණි පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු  කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ එරන්ද චින්තක තෙන්නකෝන් නම් ඔහු යුධ බිමේදී වෙඩි වැදී යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඒ ඉකුත් 9 වැනිදා ය.

එරන්ද රුසියාවේ වෙනත් රැකියාවක නියැලෙමින් සිටියදී රුසියානු කුලී හමුදාවට එක්ව ඇත.

ඒ අනුව යුද බිමේ දී ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණ බව ඔහු සඳහන් කළේ ය.

මින් දෙදිනකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී ඔහු සැත්කමකට භාජනය කර තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

රුසියානු යුධ බිමේදී එරන්දගේ නළලට වෙඩි වැදීමත් සමග ඔහු රෝහල් ගත කර ඇත.

එහිදී එම රෝහලෙන් ඔහු පැනගොස් සිය මිතුරෙක් මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බව සඳහන් කළේ ය.

ලියුකේමියා රෝගයකින් පෙළුණු සිය බිරිඳගේ ශල්‍යකර්මය සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එරන්ද රුසියානු කුලී හමුදාවට බැදී තිබෙනවා.

නමුත් ඔහු මෙරටට පැමිණීමටත් පෙර පසුගිය මාර්තු මාසයේ දී සිය බිරිඳ මෙලොවින් සමුගෙන තිබීම සංවේදී කරුණක් විය.

මේ අතර, රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙන්වා දෙන්නේ, නිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කළහොත් රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරුපද්‍රිතව මෙරටට ගෙන්වාගත හැකි බවයි.

වීඩියෝ දර්ශන - Ada Derana
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka