gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වන අලි ගැවසෙන මහ වනාන්තරේ කටුමැටි පැල්පතට පැමිණි තුන් නිවුන් පැටවුන් ගැන දුක හිතෙන කතාවක් මෙන්න

කවුරු කොහොම මොන නැතිබැරිකම් එක්ක හිටියත්, අම්මෙක් කියන්නේ තමන්ගේ දරුවන්ට  ආදරය සෙනෙහස නොඅඩුව ලබා දෙන තැනැත්තියක්.. 

මේත් තව ඒ වගේ අම්මා කෙනෙක්..

හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහ වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රියේ ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා..

මෙම මවට තවත් අවුරුදු 03 ක පුංචි දියණියක්ද සිටින අතර ,මීට පෙර නිවුන් පුතුන් දෙන්නෙක් අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ..

මෙසේ තුන් නිවුන් දරු උපත සිදුකර ඇත්තේ හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි මවක්..

මේ දරුවන්ගේ පියා කැලේ ගසක් උඩ තැනු අලි පැලකින් බිමට වැටි අබාධිතව පසුවෙන බවයි වාර්තා වෙන්නේ..

දරුවන්ගේ මව හා පියා දඹුල්ල රෝහලෙන් දරුවන් තුන් දෙනා අරගෙන සුපුරුදු වන මැද පැලට ඊයේ (14) පස්වරුවේ මොර සුරන වරුසාවේ රැගෙන විත් තිබෙනවා..

වරුසාවට පුංචි පැල තෙමි හිරිකඩ ගෙතුලට එද්දී පුංචි පැටවූ මොරදී හඩද්දී පියාත් මවත් සංවේදී වන අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගැනීමට හැකිවී තිබෙනවා..

දඹුල්ලේ සිට කිලෝමීටර් 40ක් පමණ මෙම ගමට යායුතුව ඇති බව සඳහන් ..

මව පවසා සිටියේ දරුවන් ලැබෙන්න යනතුරුම වන අලින්ගෙන් බේරෙන්න වන මැද ගසක් උඩ තැනු පැලක රැය පහන් කල බවයි..

මෙම පැටවුන් රැගෙන ගිය කටු මැටි ගැසූ ටකරන් තහඩු සෙවිලි කල නිවසට විදුලිය, ජලය කිසිවක් නොමැති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka