gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම කම්පා වූ මාතර පුංචි මල් කැකුළට මොකද වුණේ... රහසිගතව පටිගත කළ සංවාදයක දර්ශන පෙළකුත් සමග වෙනස්ම කතාවක් එළියට (VIDEO)

මාතර නව දිස්ත්‍රික් රෝහලේ මතභේදයට තුඩුදුන් බිලිඳු මරණය පිළිබඳ මරණ පරීක්ෂණ වාර්තාව සහ බිලිඳා එම මව්පියන්ගේමද යන්න තහවුරු කරගැනීමේ DNA පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස කොටවිල පොලිසියට ඊයේ  (27) දැනුම් දුන්නා

ඒ, මව්පියන් සහ ඥාතීන් විසින් දිගින් දිගටම කරන ලද දැඩි ඉල්ලීම් හා චෝදනා හමුවේ බිලිඳාගේ බව පැවසෙන දේහය ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබූ පසුබිමකයි.

මාතර වැලිගම පදිංචි කාවින්ද්‍යා මදුෂානි සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22 වැනිදා මාතර නව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු නමුත් බිළිඳා කුස තුළම මියගොස් ඇති බවට රෝහල් බලධාරීන් ඇයට පවසා තිබුණා.

ඒ අනුව බිලිඳගේ දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් පරස්පර විරෝධී ප්‍රකාශ කළ බවයි ඥාතීන් චෝදනා කළේ.

බිලිඳාගේ දේහය ලබා ගැනීම සඳහා මව්පියන් අද පෙරවරුවේ පැමිණ මාතර නව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරයා හමුවුණා.

එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා සහ ඔවුන් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මව්පියන් කොටවිල පොලිස් ස්ථානයට පැමිණියා.

මව්පියන් සහ ඥාතීන් විසින් දිගින් දිගටම කරන ලද දැඩි ඉල්ලීම් හා චෝදනා හමුවේ ඔවුන් බිලිඳාගේ බව පැවසෙන දේහය ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණා.

එලෙස ඉදිරිපත් කළ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් අද පස්වරුවේ සිදුකළ අතර, එහි මරණ පරීක්ෂණ වාර්තාව සහ බිලිඳා එම මව්පියන්ගේම ද යන්න තහවුරු කරගැනීමේ DNA පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා.

මතභේදයට තුඩු දී ඇති මෙම සිදුවීමට බලපාන නෛතික පසුබිම කුමක්ද?

අප ඒ සම්බන්ධයෙන් හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුගෙන් විමසීමක් කළා.

ඒ අනුව සති 24 කට වැඩි කළලයක් ගර්භාෂය තුළදී මියගිය අවස්ථාවක මෙන්ම ගර්භාෂයෙන් පිටතට ගැනීමෙන් පසු මියගිය අවස්ථාවකදී නීත්‍යනුකූල භාරකරුගේ ඉල්ලීම මත හෝ එවැනි ඉල්ලීමක් නොමැතිව හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාගැනීම කළ යුතුයි.

යම් අවස්ථාවක සජීවී කළලයක් ප්‍රසූතියෙන් පසු මියගියහොත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම මෙරට නීතියට අනුව අනිවාර්ය කරුණක්.

ඒ, මරණයට හේතුව සොයාගැනීම අනිවාර්ය වන බැවින්.

කෙසේවෙතත් සති 24කට වැඩි කළලයක් කුමන ආකාරයකින් මියගියද කළල කොටස් හෝ කළලය හෝ බිලිඳු සිරුර ඉදිරිපත් වන නීත්‍යනුකූල භාරකරුවන්ට ලබාදීම අනිවාර්යයි.

ඒ අනුව මාතර නව දිස්ත්‍රික් රෝහලේදී මෙම සිදුවීමට මුහුණ පෑ මව්පියන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා එම නීතිය අනුව කටයුතු කර අවශ්‍ය පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka