gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මාගේ උපන්දිනයට ඉටි පන්දම් ගෙන්න ගිය සාරංගට අත්වූ ඉරණම – අබිරහස පසුපස අදිසි බලවේගයක්ද?

මවගේ උපන් දිනය සමරන්න ඉටි පන්දමක් රැගෙන ඒමට නගරයට ගිය පුතා මාස තුනක පමණ කාලයක් බරපතල රෝගියෙකු බවට පත්ව කිසිදු සිහිකල්පනාවක් නොමැතිව ඇද මත වැතිරී සිටින  තත්වයට පත්වුවේ කෙසේදැයි හබරණ  ප්‍රදේශයේ දෙමව්පියන් ප්‍රශ්න කරනවා.

හබරණ නිවාස විස්ස ගම්මානයේ පදිංචිව සිටි සාරංග මධුසාර 25 හැවිරිදී තරුණයා මෙසේ  බරපතලය අනතුරකට ලක්ව මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් කුමක් සිදුවීද යන්න අනාවරණය වී නොමැත.

රැකියා දස ලක්ෂය වැඩසටහන යටතේ කම්කරු රැකියාවක් ලද මෙම තරුණයා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව දුම්රිය ම‍ගේ කම්කරු සේවා ආරම්භ කොට මාස දෙකක පමණ කෙටි කාලයක් බව දෙමව්පියෝ පවසනවා.

පසුගිය මාර්තු මාසයේ දහතුන් වන දින කේක්  ගෙඩියක් ගෙනැවිත් නිවසේ තබා දාහතර වන දින තම මවගේ උපන්දිනය සැමරීම සඳහා ඉටි පන්දමක් රැගෙන ඒමට නිවසෙන් ගිය  තම පුතාට සිදුවුයේ කුමක්ද යන්න නොදන්නේයැයි මව වන ආර්.එම්.බිසො මැණිකේ පැවසුවා.

එදින රාත්‍රී එකොළහට පමණ සීගිරිය පොලිසියෙන් ලැබුණු ඇමතුමකින් මෙම මව සහ පියාට දන්වා ඇත්තේ දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේදී මහමග බරපතල තුවාල ලබා සිටි තරුණයා කුඩා ලොරි රථ රියදුරෙකු දැක දඹුල්ල රෝහලට ඇතුළත් කොට තිබෙන බවයි.

අනතුරට පත් සාරංග මහතාගේ පියා කේ.ජී.නිස්සංක මහතා කියා සිටියේ තමන් දඹුල්ල රෝහලට යන විට පුතා සිරුර පුරා තුවාල සහිතව සිටින අයුරු දුටු බවයි.

එහෙත් එකී අනතුර සිදුව ඇත්තේ කෙසේද? වගකිවයුත්තේ කව්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය මෙතෙක් සමත් වී නැත.

සාරංගව ලෙඩ ඇඳට ඇද දැමූ වගකිවයුත්තන්, නීතියේ රැහැනින් සැඟව සිටියදී අද වනවිට මව්පියන් සාරංගට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන්ද අර්බුදයකට මුහුණ දී සිටින්නේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඊට හරස්වීම හේතුවෙනි.

එබැවින් සාරංගට ප්‍රතිකාර කිරීමට යම් උපකාරයක් අපෙක්ෂා කරන මේ මව්පිය යුවළ තම පුත්‍රයා ලෙඩ ඇදට ඇද දැමූ වගකිවයුත්තන් සොයාදෙන ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka