gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෑන්ඩ් ෆ්‍රී එක කනේ ගහගෙන ගිය තරුණයා දුම්රියට බිලි!

ජංගම දුරකථනයට සවිකළ හෑන්ඩ් ෆ්‍රී එකක් කනේ ගසාගෙන රේල් පාරේ ගමන් කළ තරුණයකු දුම්රියක ගැටී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, කුරේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ඉරුෆාන් මොහොමඩ් ඉමාද් නමැති 21 හැවිරිදි තරණයකු බව සඳහන් වේ.

මියගොස් ඇති තරුණයා ජංගම දුරකථනයට සවිකළ හෑන්ඩ් ෆ්‍රී එකක් කනේ ගසාගෙන කටුකුරුන්ද දෙස සිට කළුතර දෙසට දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති අතර, අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

අවස්ථා කිහිපයකදී නළාව නාදකර ඇති අතර අවට සිටි පිරිස් ද කෑගසා ඇතත් ඔහු දුම්රිය මාර්ගයේම ගමන් කර ඇති බව දුම්රිය නියාමකගේ ප්‍රකාශය අනුව තහවුරුව ඇති බව සඳහන් වේ.

හදිසි මරණ පරීක්ෂක කේ. ඉරෝෂා දිලුක්ෂනී මහත්මිය පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍ර.පො.ප. ඒ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් (55318) එස්.ඒ.ආර්.කේ. ද සිල්වා පරීක්ෂණ පවත්වයි.

වාද්දුව සුමිත් පොතුපිටිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka