gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මියගිය ඔහුගේ දේහය භාරගන්න බිරින්දෑවරු 4ක්.. මෝටර් රථයක් හඹායාමට ගොස් සිදුවූ බිහිසුණු අනතුරෙන් පසු ඇසෙන වෙනස්ම කතාව මෙන්න

මේ කියන්න යන්නේ කුලියාපිටිය ප්‍රදේශයෙන් ඇහෙන තවත් කතාවක්.. 

කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුව තිබූ රිය අනතුරින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී ඇති පුවතක් වාර්තා වෙනවා..

මෙම අනතුරෙන් මියගොස් තිබුණේ ප්‍රේමරත්න අධිකාරි නමැති 59 හැවිරිදි අයෙක්..

පෙරේදා  මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිටි අයෙක් බවටයි වාර්තා වෙන්නේ..

ඔහුගේ දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් තිබූ බව රෝහල් ආරංචිමාර්ග පවසන අතර, අදාළ මෘතදේහය මේ වන විට භාර්යාවන් 4ක් ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වෙනවා...

එහෙත් දේහය නීත්‍යනුකූල විවාහක බිරියට භාර දීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා..

කෙසේ වෙතත්, පොලිසිය පවසන ආකාරයට එකෙනෙක ගැටුණු පැදිකරුවන් දෙදෙනාම කුරුණෑගල දෙසට ගමන් කර ලබුයාය තුම්මෝදර මන්සන්ධියෙන් එම දෙසටම ගමන් කොට තිබූ මෝටර් රථයක් පසු හඹා යෑමට උත්සාහ කිරීමේදී මේ අනතුර සිදුව ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka