gossip lanka

අනියම් පෙම්වතා සමග අයිස් ගහලා මාට්ටු ....බැල්කනියෙන් පනිද්දී තාප්පේ යකඩකුරු ඇනී මරුදු‍ටු දිමාගි හිමංසාගේ අභිරහස් මරණය

හෝමාගම හිරිපිටිය බෝගහවිල පාරේ දෙමහල් නිවසක ඉහළ මහලෙන් බිමට පැනීමේ දී ආරක්ෂිත තාප්පයේ සවිකර තිබූ යකඩ කූරක් උදරයේ ඇනී බරපතළ තුවාල ලැබූ 21 හැවිරිදි තරුණියක හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (19) රාත්‍රී මියගියාය.

මෙම නිවසේ  පුද්ගලයින් දෙදෙනෙකු සමග මෙම තරුණිය මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට එහි සිටි එක් පුද්ගලයකුගේ බිරිඳක් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව සමඟ නිවස පරීක්ෂා කිරීමට යන අවස්ථාවේදී නිවස ඉදිරිපිටට ආ පොලිසිය දැක කලබලවූ තරුණිය ඉහළ මහලේ සිට පොලිසිය පැමිණීමට පෙර බිමට පැන පළායාමට උත්සාහ දරා ඇති බව පරීක්ෂණයේදී අනාවරණය විය.

මෙම නිවසේ තාප්පයේ සොරුන්ගෙන් ආරක්ෂාවීම සඳහා උල් සහිත යකඩ වැටක් සවිකර තිබූ අතර
ආරක්ෂිත තාප්පයේ සවිකර තිබූ යකඩ කූරුවල උදරය ඇනී බරපතළ තුවාල සිදුවී ඇය මරණයට පත්විය.

එම ස්ථානයට පොලිසිය යන අවස්ථාව වන විටත් තරුණිය කම්බි කූරුවල එල්ලී සිට ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අධික ලෙස රුධිරය වහනය වෙමින් බරපතළ තුවාල ලබා සිටි ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක පදිංචි, දිමානි හිමංසා නමැති (21) හැවිරිදි තරුණියක බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව සිද්ධිය වූ නිවසේ තාවකාලිකව පදිංචිව සිටි තැනැත්තියකි.
ඇය නිවස හිමි පුද්ගලයාට අයත් වාහන අමතර කොටස් වෙළෙඳසලක සේවයට පැමිණ වැඩකරමින් සිට ඇති අතර ටික කලකින් ඔහු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ. ඔහු අයිස් මත්ද්‍රව්‍ය ලබාගැනීමට පුරුදුව සිටි අයකු නිසා පසුව ඇයද අයිස් මත්ද්‍රව්‍ය වලට පුරුදුව සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව මෙම පුද්ගලයා සමඟ විවාහක බිරිය නිරන්තරයෙන් අඬදබර ඇතිකරගෙන ඇති අතර දින කිහිපයකට පෙර ඇය නිවසින් පිටව ගොස් තිබේ. මේ අතරතුරදි ඔහු තවත් පුද්ගලයෙකු හා මෙම කාන්තාව සමඟ සිද්ධිය වූ බෝඩිමේ මත්ද්‍රව්‍ය ලබාගන්නා කරන බවට ලද තොරතුරකට අනුව ඒ බව පොලිසියට දන්වා එය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබූ බව හෙළි විය.

ඒ අනුව සිද්ධිය වූ අවස්ථාවේ රැඳී සිටි පැමිණිලිකාර කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමේදී එක් අයකු අයිස් මත්ද්‍රව්‍ය ද අනෙත් පුද්ගලයා ගංජා පානය කර ඇති බවට තහවුරු වී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
gossip lanka