gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමනාප වී ගෙදරින් පලාගිය දරුවා මහණ කර සිටියදී හමුවෙයි!

මීට දින හතරකට පමණ ඉහතදී මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇති අතර ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබුනා.

මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇත.

පසුව ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූවා.

කෙසේ වෙතත් කතරගම පොලීසිය ලබාදුන් තොරතුරු මත මදුරන්කුලිය පොලීසිය විසින් මෙම දරුවා මහණ කිරීමට භාර දුන් බව කියන භික්ෂුව අත්අඩංගුවවට ගැනීමට කටයුතු කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka