gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොස සාමාන්‍ය පෙළ විභාගය නිමා වී නිවසට එමින් සිටි සිසුවියක් පැහැරගෙන යමින් සිටි තරුණයින් 4ක් අත් අඩංගුවට!

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවස බලා ගමන් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක බලහත්කාරයෙන් පැහැරගෙන පලා යෑමට උත්සාහ කළ 24 හැවිරිදි විවාහක හමුදා සෙබලෙක් ඇතුළු සිව් දෙනෙක් පැහැර ගැනීම සිදුවී පැයක් තුළ අත් අඩංගුවට ගැනීමට අලදෙණිය පොලිසිය සමත් වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කුළුගම්මන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබ නුගවෙල මධ්‍යමහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙහි අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඊයේ (15)  විභාගය නිමා වී  නිවසට පැමිණෙමින් සිටි සිසුවියන් තිදෙනෙකුගෙන් එක් සිසුවියක් වෑන් රථයකින් පැමිණි සිවු දෙනෙක් පැහැරගෙන පලා ගොස් ඇත.

ඇය සමග සිටි ඇයගේ යෙහෙළියන් දෙදෙනා වෑන් රථයේ අංකය සටහන් කරගෙන ඒ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ අලදෙණිය පොලිසියට දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පැහැර ගැනීම සිදුවී පැයක් තුළ පැහැර ගැනීමට සිදුකළ පුද්ගලයින් සිව් දෙනා වෑන් රථය ද සමග කුළුගම්මන යටිහලගල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත්තේය.

අනතුරුව සිදුවුන විමර්ශනවලින් හෙළි වන්නේ ඛේදවාචකයක් බඳු කතාවකි.  මෙම 16 හැවිරිදි සිසුවියගේ සොයුරා යුද හමුදා සෙබලෙකි. ඔවුන් පදිංචිව සිටින්නේ පොලොන්නරුවේය.  අයියා සමග විටින් විට නිවසට එන අයියාගේ මිතුරා මෙම සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.  අවිස්සාවේල්ල කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම හමුදා සෙබලා පසුව යුද හමුදාව අත්හැර ගොස් තිබේ.

අනතුරුව මෙම බාල වයස්කාර දැරියව මෙම  පුද්ගලයා  විසින් මව්පියන් භාරයෙන් අපහරණය කර    වෙනත් නිවසක නවත්වා තබාගෙන ඇත.  මෙසේ සිටින අතර හෙළිදරව් වන්නේ මෙම  පුද්ගලයා විවාහයෙක් බවය. මේ බව දැනගත් සිසුවිය නැවත පොලොන්නරුවේ නිවසට පැමිණ තිබේ.

මෙම විවාහක හිටපු හමුදා සෙබලාගෙන් යළි යළිත් සිදුවන බලපෑම් නිසා දැරියගේ දෙමව්පියන් ඇයව මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ ඥාති නිවසක නතර කර ඇත. ප්‍රධාන සැකකරු එම නිවසට ද පැමිණ සිසුවිය රැගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

මෙසේ සිටිද්දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය බව කියා දැරිය යළිත් කුළුගම්මන නිවසට පැමිණ ඇත. සිය මිතුරන් සමග කුලියට ගත් වෑන් රථයකින් මහනුවරට  පැමිණ දැරිය පැහැර ගැනීමට මෙම විවාහක හිටපු හමුදා සෙබලා ඊයේ  (15) කටයුතු  කරන්නේ මේ පසුබිමේ දී ය.

විභාගය නිමා වීමෙන් පසු ඇය තමන් සමඟ  යළි නොපැමිණේ යැයි සිතා මෙම පැහැර ගැනීම සිදුකළ බව සැකකරු පොලීසියට පවසා තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත අලදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka