gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චුන්නාගම් අයිස් කම්හලේ ටාගට් හෙළි වෙයි – දවසකට අයිස් ග්‍රෑම් 500ක් හදන්න සැලසුම් කරලා!

යාපනයේ, චුන්නාගම් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයෙන් දිනකට එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් පන්සීයක් නිපදවීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි යාපනය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පැවැසීය.

මෙම නිෂ්පාදනාගාරයේ මහ මොළකරු මීට කලින් ‘ආවා’ සංවිධානයේ සාමාජිකයකු වශයෙන් සිට අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත්වී සිට ඇපමත පැමිණි අයකු යැයි ද හෙතෙම පැවැසීය.

මෙම රසායනාගාරය විමර්ශනයට ලක්කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා ඊයේ (15දා) යාපනයට පැමිණීමට නියමිතව තිබුණි.

මෙම රසායනාගාරයට මේ වනවිට දැඩි පොලිස් රැකවරණයක් යොදා ඇත. මෙම පුවත සැලවීමත් සමඟ දෙස් – විදෙස් මාධ්‍යයන් පොලිස් ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව විමසීම් කිරීමට පටන් ගෙන ඇත.

පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මත්ලෝලියකුගෙන් ප්‍රශ්න කරගෙන යද්දි මෙම රසායනාගාරය පිළිබඳ තොරතුරු ලැබුණු බව ජගත් විශාන්ත මහතා වැඩිදුරටත් කීය.

නෝමන් පලිහවඩන
දිවයිනට
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka