gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැඩිවියට පත්වූවාට පසු පුත්‍රයාට විවාහ කරදෙන්න, පුංචි සුරංගනාවිය උත්සලා... අම්මටයි, පුතාටයි වුණ දේ මෙන්න

වැඩිවියට පත්වීමෙන් පසු සිය පුත්‍රයාට විවාහ කර දීමේ අරමුණින් චීනයේ යූනාන් ප්‍රාන්තයේ ලියුපන්ෂියු ප්‍රදේශයෙන් 11 හැවිරිදි දැරියක පැහැරගෙන ගිය කාන්තාවකට සහ ඇගේ පුත්‍රයාට ප්‍රාන්ත අධිකරණය මගින් මාස 31 බැගින් සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලියුපන්ෂියු නුවර ගම්මානයකදී දැරිය දැකීමෙන් පසු සිය 27 හැවිරිදි පුත්‍රයාට ඇය විවාහ කරදීමට දැරියගේ මාපියන්ට යෝජනා කර ඇති අතර, ඇගේ මාපියන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පුත්‍රයා සමඟ එක්ව දැරිය පැහැරගෙන ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය වසරේ දෙසැම්බරයේදී මව සහ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ වනවිට ඇය දින 4ක කාලයක් ඔවුන්ගේ නිවෙසේ සිරකර තිබු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වසර 1950 දී චීනයේ විවාහ පනතින් ළමා විවාහ තහනම් කරනු ලැබුවත් එරට ධනවත් පවුල්වල විවාහ වන වයසේ පසුවන පිරිමින් සඳහා ග්‍රාමීය පළාත්වල දිළිඳු පවුල්වලින් ළාබාල දැරියන් මිලදී ගැනීම් ද, වැඩිවියට පත්වීමෙන් පසු සිය පුතුන්ට විවාහ කරදීමට දිළිඳු දැරියන් රැගෙන හදා වඩා ගැනීම් ද බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka