gossip lanka

වාහන මිල ඉහළට.. ආනයනය කරන හැටි මෙන්න

අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට රජයේ අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී මිල ගණන් සුළු වශයෙන් ඉහළ යා හැකි බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරයි.

වාහන ආනයන සීමා ඉවත් කිරීම හා ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව වාර්තාවක් නුදුරෙදිම ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකදී එම සංගමයේ සභාපතිවරයා පෙන්වා දී ඇත.

පලමුව පොදු ප්‍රවාහන රථ දෙවනුව යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගෙන්විමටද අවධානය යොමුව ඇති අතර අනතුරුව මෝටර් රථ හා සුඛෝපභෝගී වාහන ආනයනයට අවසර දෙනු ඇත.

මේ අතර සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වා බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධව විමර්ශන සිදු කිරීමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී ඇත.

පසුගිය 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ ගෙන්වූ වාහන සම්බන්ධව විමර්ශන සිදුකිරීමට එලෙස අවසර ලබාදී ඇත.
gossip lanka