gossip lanka

"නෑ සර්, මම කැමැතියි මෙයාව අරගෙන යන්න... යාළුවට කියන්න මගේ නෝනාව අරගෙන යන්න කියලා" - හොදම යාළුවාගේ බිරිද එක්ක පැටළුණු පුද්ගලයෙක් ඇයව කරකාර ගන්න ඉල්ලලා

සිය සැමියා මිතුරාගේ බිරිය සමඟ අනියම් සබඳතාවක් පවත්වන බව සැලවීමෙන් අනතුරුව ඒ පිළිබඳ පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවූ අවස්ථාවේ බිරියන් දෙදෙනා මාරුකර ගනිමුයි පැවැසූ අපූරු සැමියකු ගැන පොලිසියෙන් වාර්තා වෙනවා.

පැමිණිලිකාරියගේ සැමියා කලක සිට ඔහුගේ හොඳම මිතුරාගේ බිරිය සමඟ අනියම් සබදතාවක් පවත්වන බව ඉතා සූක්‍ෂ්මව හෙළි කරගෙන ඒ බව සැමියාගේ කටින්ම අනාවරණය කරගත් ඇය අවුල විසදාදෙන ලෙස ඉල්ලමින් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික ආයතනයක හා රාජ්‍ය ආයතනයක සේවය කරන සැමියන් දෙදෙනා හා ඔවුන්ගේ බිරියන් දෙදෙනාව අවනඩුව විසඳීම සඳහා පොලිස් ස්ථානයට කැඳවා තිබෙන බවත් සදහන්.

දෙපාර්ශ්වයම පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවේ පැමිණිලිකාරියගේ සැමියාගෙන් තමුන් හොඳම මිත්‍රයාගේ බිරිය එක්ක අනියම් සබඳතාවක් පවත්වනවා කියන්නේ ඇත්තද, යනුවෙන් විමසා තිබේනවා. සිය මිතුරා ළඟ සිටියදීම "ඔව් සර් මම එයත් එක්ක අනියම් සබඳතාවක් පැවැත්වුවා. මම එයාට කැමැතියි. මම එයත් එක්ක තැන් තැන්වල ගියා" යනුවෙන් ඔහු පොලිස් නිලධාරියාට පවසා තිබෙනවා.

ඒ අවස්ථාවේ මිතුරාගේ බිරිය "නෑ. නෑ. මම කොහෙවත් මෙයත් එක්ක ගිහිල්ලා නෑ. මෙයා මේ බොරු කියන්නේ." යනුවෙන් පොලිසිය හා සැමියා ඉදිරියේ පවසා තිබෙන බව පැවසේ.

නැවතත් හඬ අවදි කළ රජයේ සේවකයා "නෑ. නෑ. සර් මෙයා බොරු කියන්නේ. මම මෙයත් එක්ක හිටියා. මම මෙයාව එක්කගෙන ගියපු සමහර තැන්වල රෙජිස්ටර්වල අපි දෙන්නාගේම නම් ගම් ලියලා ඇති. මම මෙයාගේ ඇඟේ තියෙන විශේෂ ලක්‍ෂණත් කියන්නම්." යනුවෙන් පවසා මිතුරා හා මිතුරාගේ බිරිය මෙන්ම ඔහුගේ බිරියත් අන්ද මන්ද වන අයුරින් ඇගේ ශරීරයේ විශේෂ ලක්‍ෂණ කිහිපයක් පොලිස් නිලධාරියා හමුවේ පවසා තිබෙනවා.

අවුල වියවුලක් බවට පත්විය හැකි බව දැනගත් පොලිස් නිලධාරියා "වහාම මේ පවුල් අවුල් වන ආරවුල් නවත්වන්න ඕන." යනුවෙන් පැමිණිලිකාරියගේ සැමියාට තරයේ අවවාද කර තිබේනවා. "නෑ සර්, මම කැමැතියි මෙයාව අරගෙන යන්න. යාළුවට කියන්න මගේ නෝනාව අරගෙන යන්න කියලා." යනුවෙන් ඔහු පෙරළා පවසා තිබෙන බවද සදහන්. "මගේ මනුස්සයව මට කාටවත් දේන ඕන නෑ සර්. මට වෙන කවුරුත් එක්ක යන්න කිසිම අවශ්‍යතාවක් නෑ." යනුවෙන් පැමිණිලිකාරිය පොලිසියට පවසා තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වයේම ජංගම දුරකථන පරීක්‍ෂා කළ පොලිස් නිලධරියා "මේ දෙන්නා කෙටි පණිවුඩත් හරි හරියට හුවමාරු කරගෙන තියෙනවා. මේවා ආපහු වෙන්න බෑ. ආපහු කවුරුත් කෙටි පණිවුඩ හරි දුරකථන ඇමතුම් ගන්න බෑ. සාමය කඩවන දේවල් කරන්න බෑ. ගෑනු මිනිස්සු මෙහෙම මාරු කරගන්න රටක් සංස්කෘතියක් අපේ රටේ නෑ. ලොකු දරුවෝ දෙපැත්තෙම ඉන්නේ. ලැජ්ජා වෙන්න ඕන මේවගේ ප්‍රශ්න ඇතිකර ගන්නවට." යනුවෙන් පවසා සිද්ධිය සමතයකට පත් කිරීමට පොලිසිය සමත්ව තිබෙන බවත් සදහන්.
gossip lanka