gossip lanka

"මෙයාගෙන් හැම දෙයක්ම මට අඩුවක් නැතිව ලැබෙනවා... අපි දෙන්නාගේ ආදරය ස්ථිර ආදරයක්... ඒකට කවුරුවත් අකුල් හෙලන්න එපා"- මනාලියට 75යි මනාලයාට 52යි... දෙන්නම කියන හිතාගන්න බැරි කතාව...

''මගේ සැමියා මිය ගිහින් ගොඩක් කල්. වසර පහක පමණ කාලයක ඉඳලා මෙයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. එදා ඉඳන් අපි දෙන්නා සතුටින් දීග කන්න පටන් ගත්තා. අපරාදේ කියන්න බැහැ එයා මට හොඳට සලකනවා. පණ වගේ ආදරෙයි.
දැන් අපි දෙන්නට දෙන්නා නැතුව මොහොතක්වත් ඉන්න බෑ. බොහොම ආදරෙන් සාමදානයෙන් ජීවත්වෙනවා. මේක සංසාරේ පතාගෙන ආ ආදරයක් කියලයි අපි හිතන්නේ. මෙයාව මට ලැබුණේ පෙර පිනකට. වයස ආදරයට බාධාවක් නැහැ. දෙවියන්ගේ නාමයෙන් අපි දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න.''

ඒ  75 හැවිරිදි පෙම්වතියගේ කතාවය.

‘‘මම මෙයාට හදවතින්ම ආදරෙයි. බිරිඳ මාව දාලා ගිහින් ගොඩක් කල් වෙනවා. මම ජීවත්වුණේ පාළුව කාන්සිය තුරුළු කරගෙන. මෙයා එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් අවුරුදු පහක් විතර වෙනවා. මම මෙයාව අරගෙන ආවේ මට නැතිවුණ සෙනෙහස ආදරය ලබාගන්නයි පාළුව තනිකම මකා ගන්නයි. මෙයාගෙන් ඒ හැම දෙයක්ම මට අඩුවක් නැතිව ලැබෙනවා. අපි දෙන්නාගේ ආදරය ස්ථිර ආරයක්. ඒකට කවුරුවත් අකුල් හෙලන්න එපා.  

ඒ 52 හැවිරිදි පෙම්වතාගේ කතාවය.මෙම වියපත් යුවළගේ නැවුම් ආදර අන්දරය හෙලි වූයේ අගනුවර පොලිසියක ස්ථානාධිපතිවරයා ඉදිරියේය.

ඒ මෙම ආදර අන්දරය අවසන් කර තම මව නිවසට ගෙන්වා ගැනීම සඳහා 75 හැවිරිදි මනාලියගේ පෙර විවාහයේ පුතුන් දෙදෙනකු විසින් කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.

මේ පැමිණිල්ල ගැන ඇසූ පෙම්වතාගේ සිත කීරි ගැසී ගියේය. හදවත ගැහෙන්නට විය.

‘‘ඔයා දරුවන් ළඟට ගියොත් මට මොනව වෙයිද දන්නෙ නැහැ. අනේ රත්තරනේ එහෙම කරන්න එපා. මගෙ හිතට දුක් දෙන්න එපා’’ යි. දෙනෙතින් මතු වූ කඳුළු අතරින් කීවේය.
පෙම්වතාගේ නෙත’ග කඳුළු දුටු පෙම්වතියගේ හදවත උණුවූයේ වෙඬරු පිඩක් මෙනි.

''මම මොනම හේතුවක් නිසාවත් ඔයා අතහැර යන්නේ නැහැ. මැරෙනකම්ම මම ඔයා ළඟට වෙලා ඉන්නව'' යැයි ඇය පවසා ඇත්තේ අනියම් සැමියා දෙස දයාබර බැල්මක් හෙලමිනි.

‘‘අම්මාට ගෙදර යන්න කියා බල කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඇයට එරෙහිව නඩු පවරන්න බලයකුත් නැහැ'' යැයි ස්ථානාධිපතිවරයා පැමිණිලිකාර පුතුන් දෙදෙනා සමග පවසා ඇත්තේ ඇය (75 හැවිරිදි කාන්තාව) දරුවන් දෙදෙනා සමග යාම තරයේ ප්‍රතික්ෂේප කළ නිසාය.

හම රැලි වැටී දත් හැලී තිබුණත් ඇය සුන්දර පෙනුමක් ඇති කාන්තාවක් බව පොලිසියට පෙනී ගොස් ඇත.

පුතුන් දෙදෙනාට සමුදුන් ඇය පොලිස් ස්ථානායෙන් පිටව ගියේ අලුත බැඳපු මනාල යුවළක් විලසින් දෑත් පටලවාගෙන බව පොලිසිය කීය.

වයෝවෘද්ධ මව ඇයගේ අනියම් සැමියා සමග දෑත් පටලවාගෙන යන දෙස බලා පුතුන් සිටියේ සුසුම් හෙළමිනි.
gossip lanka