gossip lanka

මංගල නැක­තින් එකම දවසේ දීගෙක ගිය කත­ර­ගම තුන් නිවුන් දියණියෝ!

කත­ර­ගම දෙට­ග­මුව දෙවැනි පෙළ නිව­සක ඉතා­මත් කලා­තු­ර­කින් සිදු­වන අපූරු මංග­ල්‍යක් සිදු­විය.

වසර 23ක් ඉතා අමා­රු­වෙන් ඇති දැඩි කළ තුන් නිවුන් දිය­ණි­යන් තිදෙනා එකම දින­යක එකම පෝරු­වක තබා සරණ පාවා­දී­මට සුජිත් නිශාන්ත නම් පියාට හැකි­විය. පසු­ගි­යදා එකට හැදුණු ගැහැනු සහෝ­ද­රි­යන් තම ජීවන ගමන අලු­තින් ආරම්භ කළේ දකුණු පළාතේ තරු­ණ­යන් තිදෙ­නකු සම­ඟය. දිලුම් වින්ද්‍යා,ගෙයුමි තිසාරා සහ විද්මි හංසා මෙසේ පසු­ගිය 10 වැනි දින විවාහ වු දිය­ණියෝ වෙති. මේ නිවුන් සෙහො­යු­රි­යන් හා විවාහ වුයේ විර­කැ­ටිය ප්‍රදේ­ශයේ හර්ෂ මාදු­ෂන්,රන්න නෙටෝ­ල්පි­ටිය පදිංචි ගල­ප්පත්ති වඩුගේ ප්‍රේම­චන්ද්‍ර සහ ලුණු­ග­ම්වෙ­හෙර වික්‍ර­ම­සිංහ සිංහ­ආ­ර­ච්චිගේ කසුන් යන මහ­ත්ව­රුය.

දිය­ණි­යන්ගේ විවා­හය දින කීප­යක් පුරා 02 වැනි දින උත්සව වෙත සහ­භාගී වෙමින් වෙහෙ­සට පත්ව සිටි සුජිත් නිශාන්ත මහතා සඳ­හන් කළේ මෙවැ­න්නකි.මගේ දුලා තිදෙනා එක­ට­මයි හිටියේ.

කත­ර­ගම ජාතික පාස­ලට ගියේත් එක­ට­මයි.

නිසි කලට අපි ඉතාම හොඳ පුතාලා තිදෙ­නෙක් සොයා­ගෙන දරු­වන්ගේ ද කැමැත්ත පරිදි විවාහ කර දුන්නා. මටත් මගේ නෝනා­ටත් හරිම සතු­ටුයි.මේ තුන්දෙනා එකම දින­යක විවා­හය කර­දී­මට පුළු­වන් වීම ගැන. මව වන පී.එම්.කේ.ඉන්ද්‍රානි මහ­ත්මිය පැව­සුවේ වසර 23ක් ඇහැක් වගේ හදලා උස් මහත් කළ දරුවෝ බන්දලා දීම සතු­ටක් වගේම දුක­කුත් තිබෙන බවයි.දුලා නැතිව ගෙදර පාළු වේවි.

දරු­වන් හැම­දාම අපේ ළඟ තියා­ගන්න බෑනේ.මඟුල් ගෙදර තිබුණේ 10වැනිදා.මට මඟුල් තුන­කට යන්න වුණා.ලබන 15වැනිදා තමයි රන්න පැත්තේ දුවගේ 2 වැනි දිනය ඉන්ද්‍රානි මහ­ත්මිය සඳ­හන් කළාය.මනා­ල­යන් සඳ­හන් කළේ මේ මඟුල විශේ­ෂිත වු එකක් බවයි.එකම දිනක උපන් සහෝ­ද­රි­යන් එකම දවසේ විවා­හ­වී­මත් වාස­නා­වක් කියලා හිතෙ­න­වා­යිද ඔවුහු පැව­සූහ.

(කත­ර­ගම කේ.ඩි.දේව­ප්‍රිය)
gossip lanka