කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශයන්හි පදිංචිව සිටින තරුණයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හා වට්සැප් මෙන්ම අන්තර්ජාල යෙදුම් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් කැඳවීම් සිදුකර මහරගම හයිලෙවල් මාර්ගයේ අපරීක්ෂාකාරී අයුරින් පැවැත් වූ යතුරුපැදි තරගයක නියැළුණු තරුණයන් 29ක් (12) වන දින අලුයම යතුරුපැදි 21ක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. තරගයේ පළමු ජයග්රහකයාට ත්‍යාග වශයෙන් රූමත් තරුණියකගේ වෙස්ගත් නපුංසකයෙකු ලබා දීමට නියමිතව තිබිණි.
ඒ අරමුණින් යතුරුපැදි පැදවූ තරුණයන් 14 ක් සහ තරගය නරඹමින් සහාය දක්වමින් ඔල්වරසන් දෙමින් සිටි තරුණයන් 15ක් (12) වන දින අලුයම තරග සඳහා යොදාගත් යතුරු පැදි 21 ද සමඟ අත්අඩංගුවට ගත් බවත් එදිනම දහවල් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස (15) වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය නියෝග ලබා දුන් බව මහරගම පොලිසිය පවසයි.
මෙලෙස බන්ධනාගාරගත කෙරුණු 14 දෙනා අතර රත්මලාන, පිළියන්දල කැස්බෑව, කොට්ටාව, කිරුළපන, ඉංගිරිය, හෝමාගම හා බොරලැස්ගමුව, මීගොඩ, පාදුක්ක, වටරැක වැනි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 සහ 25 වැනි වියේ පසුවන තරුණයන් සිටි බවත් පොලිසිය පැවසීය.
පළමු තරඟ වටය අවසන් වීමෙන් අනතුරුව අනෙක් තරගයට සූදානම්ව සහාය දක්වමින් ඔල්වරසන් නගමින් මුදල් ඔට්ටු අල්ලමින් සිටින විට මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස දැඩි අවවාද සහ ඇප කොන්දේසි මත පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි. මෙම තරඟයේ විශේෂත්වය වනුයේ ප්‍රථම ස්ථානය ලබාගන්නා තරඟකරුට ලබා දෙන ජයග්රාහි මුදලට අමතරව රූමත් තරුණියකගේ වෙස් ගත් නපුංසකයෙකු ලබාදීම බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් ඒ වෙනුවෙන් ගෙන්වා තිබූ නපුංසක පුද්ගලයන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පරීක්ෂණ කටයුතු සිදුකොට පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගත් බවත් පොලිසිය පවසයි.
කාන්තා වෙස්ගත් නපුංසක පුද්ගලයන් දෙදෙනකු ගෙන්වා ඇත්තේ ප්‍රථම ස්ථානය ලබා ගන්නා තරගකරුගේ සිතැඟි පරිදි ලිංගික ක්‍රියාවන්හි නියැළීමට එක් අයකු තෝරා ගැනීමට බවද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි. ඝෝෂාකාරී අයුරින් අපරීක්ෂාකාරී ලෙස තරුණයන් පිරිසක් මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ ටැංගෝ බෝඩ් හන්දියේ සිට පන්නිපිටිය දෙසට අධික වේගයෙන් මනුෂ්‍යයාගේ කනට දැරිය නොහැකි ශබ්ද නිකුත් කරමින් තරගයට පදවන බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර තරුණයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබූ ඇප් එකක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට යතුරුපැදී පැදවීම සඳහා පැමිණි බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
නුගේගොඩ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ. බී. එස් ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. ඒ. බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ, පොලිස් සැරයන් 56876 වික්‍රමතුංග, 42892 වීරසිංහ, 30674 ප්‍රියංකර, 5007 කමල්සිරි, 51891 ජීවන්ත පොලිස් කොස්තාපල් 69596 සම්පත්, 39126 අරුණ ශාන්ත, 93762 විජය බණ්ඩාර, 31627 ධනසේකර, කාන්තා පොලිස් කොස්තාපල් 12028 හර්ෂණී ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.
(සමීර අබේසිංහ - බිමල් ජයසිංහ )