gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"බබා අද හදිසි වැඩ වගයක් තියෙනවා... එනකොට රෑ වෙනවා..." - කන්තෝරුවේ හදිසි වැඩක් කී සැමියා ළඳක් එක්ක කාමරයකින් මතුවෙලා!

කාර්යාලයේ හදිසි වැඩක් යැයි කියමින් තමා එනවිට රෑ බෝවනවා යයි දුරකතන ඇමතුමක් ලබාදුන් සැමියා නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකින් කාර්යාලයේම සේවිකාවක සමග එනු බිරියගේ අතටම හසුවී අලි ජංජාලයක්වූ ආරංචියක් දකුණු පළාතෙන් අසන්නට ලැබෙනවා.
 
එතෙම හවස් භාගයේ සිය නිවෙසට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. කාර්යාලයේ හදිසි වැඩක් නිසා තමා අද එනවිට රෑ බෝවනු ඇතැයි කියමිනි.

ඔහුගේ දරුවාට හදිසියේම උණ ගන්නේ එදින හවස් වරුවේදීය. බිරිය ඉතා කලබල වූවාය. ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නද එය ක්‍රියාවිරහිත කොට තිබූ බැවින් සිය දරුවාගේ අසනීප තත්ත්වය දැන්වීමට නොහැකි විය.

දරුවාගේ අසනීප තත්ත්වය එන්න එන්නම වැඩිවූ නිසා ඇය දන්නා ත්‍රිරෝද රථයකින් දරුවා නගරයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට රැගෙන ගියාය.

බෙහෙත් ශාලාවෙන් නියම කළ බෙහෙත් වර්ගයක් ගැනීමට ඇය පාගමනින් ඔසුසලට ගියේ ඒ ආසන්නයේම තිබූ බැවිනි.

ඒ යන අතරමග සිය සැමියා කාමර කුලියට දෙන ස්ථානයකින් මතුවනු ඇය දුටුවාය. ඒ තනියම නොව ඔහු සේවය කරන ආයතනයේම සේවිකාවකද සමගය.

මේ දර්ශනය දුටු ඇය යක්ෂාවේෂ වූවාය. තමන් ආ කාරණයත් අමතකවූ ඇය සැමියාගේ ඇඳුමේ එල්ලී මිනිහෝ ඔය කාර්යාලයේ හදිසි වැඩ කරනවා දැයි කියමින් එතන යකා නැටුවාය.

ඒ සමගම ඔහු සමග පැමිණි සේවිකාව වාෂ්පවී සිටියාය. ඒ සමගම එකා දෙන්නා එතනට රැස්වීමට පටන් ගැනීමත් සමගම ඔහු භාර්යාවගෙන් බේරී දිවගියේලු‍.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka