gossip lanka

"මම මෙහෙම එතනට ගිහින් වැඩක් නැහැ ලස්සනට ඉන්න ඕනෑ" ඇයට දුකක් ගෑවිලාවත් තිබුණේ නැහැ.. තාත්තාගේ අවසන් මොහොතේ හැඩවුණු දුවෙකුට වුණ දේ මෙන්න

මේ කතාව ඇහෙන්නේ අගනුවර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ජීවත්වූ පවුලක් ගැනයි..

දරුවන් කීපදෙනෙකුගෙන් යුත් පවුලේ එක් දියණියක් කළ මේ ක්‍රියාව බොහෝ දෙනාගේ විවේචනයද ලක්වුණා.. 

සිය පියාගේ මරණය සැලවීමත් සමඟම දරුවෙකුගේ හැසිරීම මොන වගේ වේවිද...? එය බොහෝ විට බොහෝ දෙනෙකුට පොදු වූ කාරණයක්.. ඒත් ඇය ඊට වඩා වෙනස්.. කෙටි කලක් තිස්සේ අසනීපෙන් පෙළුණු ඇගේ පියා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රෝහලක දී මරණයට පත්වී තිබුණා..

දරුවන් දෙතුන්දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන කතා කර නිගමනයට පැමිණියේ නගරයේම මල් ශාලාවක දේහය තැන්පත් කර අවසන් කටයුතු කිරීමටයි..

එම කටයුතු සඳහා සෙසු දරුවන් රෝහල කරා ගමන් කළත් එක් දියණියක ඔවුනට එක් වූයේ නැහැ... ඇය නිතර ගමන් බිමන් යන යතුරුපැදිය නිවසේ තිබියදීම කුලී රියකට කතා කළේ ඒ මොහොතේ කවුරුත් නොසිතූ ගමකන් යන්නටයි..

"මම මෙහෙම එතනට ගිහින් වැඩක් නැහැ ලස්සනට ඉන්න ඕනෑ" මේ ඇගේ සෙසු සහෝදර සහෝදරියන්ට ඇය කියූ කතාවයි.. එසේ කියා ඇය පිටව තිබුනේ රූපලාවන්‍යාගාරයකටයි..

කුලී රියක් ගෙන්වාගත් ඇය නිවාස සංකීර්ණ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් ලස්සනට හැඩ වුණේ ඉන් අනතුරුවයි.. ඇය ඒ සඳහා පැය දෙක තුනක් කල් ගත කළා...

තමන් ලස්සන වීමෙන් පසු සැමියාට කතා කර මෝටර් රථ කුලී පදනම මත ලබා දෙන තැනකින් ගෙන්වා ගත් රියක නැගී මල් ශාලාව කරා ගියේ තමන්ගේ ලස්සන පෙන්නන්නට මිස පියාට බුහුමන් දක්වන්නට නොවේ...

පසුදින ද ඇය මේ ආකාරයටම සැරසී සැමියා සමඟ පියාගේ දේහය අභියසට ගොස් කාලය ගත කර අවසන් කටයුතු සිදු කෙරෙද්දී යළි නිවස බලා එන්නේ පියාගේ මරණයේ සියලු‍ වියදම් සෙසු සහෝදර සහෝදරියන්ට ඉතිරි කරමින්..
gossip lanka