gossip lanka

පොත්වල නැති ‘දකුණු කොළඹ‘ කොට්ඨාසයේ උපන් ඩයනාගේ ව්‍යාජ උප්පැන්නය

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවී මෙරට දිගුකල් රැඳී සිටීම, ඡන්දය ප්‍රකාශ කිරීම, ලිපි ලේඛන වලට අත්සන් තැබීම, ඇමතිනියක ලෙස දිවුරුම්දී කටයුතු කිරීම ආදී විවිධ වරදවල් රැසකට වගකිවයුත්තියක බවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ නමින් තිබූ අංක 6553 දරන උප්පැන්න සහතිකය ගැන ගැටලු මතුවූයේ 2021 වසරේදීය.

එහි සඳහන් ‘දකුණු කොළඹ කොට්ඨාශය‘ නමින් ප්‍රදේශයක් කොළඹ දිස්ත්‍රික්කයේ උප්පැන්න ලබාදීමේදී ලේඛන ගතකරන්නේ නොමැති බව අනාවරණය වී තිබිණි.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජීවනි කරුණාරත්න මහත්මිය ඒ දිනවල මේ බව විමර්ශකයින්ට දන්වා තිබුණි.

ඩයනා ගමගේ  බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර බලපත්‍ර 2ක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේදී ජීවනී කරුණාරත්න මහත්මිය අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් මේ බැව් අනාවරණය කොට තිබුණි.

අංක 6553 යටතේ දකුණු කොළඹ මහ රෝහලේ 1965දී  තමන් උපන් බවට උප්පැන්න සහතිකයක් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කොට තිබූ අතර එහි සඳහන් ‘දකුණු කොළඹ‘ ප්‍රදේශයක් සම්බන්ධව මෙම ගැටලුව පැනනැගුණි.

ඩයනා ගමගේ වයස 39 දී 2004 වසරේදී බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබාගන්නා අතර එරට 521398876 දරන ගමන් බලපත්‍ර අංකය අනන්‍යතාව සදහා පාවිච්චි කළ බව හෙලිව තිබේ.

ඩයනා ගමගේට 2004දී විදේශ පුරවැසිභාවය ලබාගත් සැණින් මෙරට පුරවැසිකම අහෝසිවන නිසා එම ලේඛන හසු නොවන්නට ඇය වසර 10 කට පසු 2014 දී වෙනත් උප්පැන්නයක් හා වෙනත් හැඳුනුම්පතක් 6553 දරන උප්පැන්න සහතිකය හා අංක 658534300 V දරන ජාතික හැඳුනුම්පත ලෙසින් ලබාගෙන ඇති බව පෙනී ගොස් තිබුණි.
මෙම ලේඛන ඇසුරින් තමාගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවන ඇය අංක N 5091386 දරන විදේශ ගමන් බලපත්‍රයක් හා පසුව O L 5654794 දරන රාජ්‍ය තාන්ත්‍රික ගමන් ගමන් බලපත්‍රයක්ද ලබාගෙන තිබේ.

සිය සැබෑ අනන්‍යතාව වසන් කොට මෙරට පුරවැසිභාවය සඳහා අංක  දෙකක හැදුනුම්පත් හා අංක දෙකක උප්පැන්න ඇය භාවිත කරමින් සිටියාය.

එමෙන්ම අංක 1948 අංක 18 දරන පුරවැසි පනත අනුව විදේශ රටක පුරවැසිභාවය ලබා ගන්නා ශ්‍රී ලාංකිකයකුට මෙරට පුරවැසිභාවය අහෝසි වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගමික හා විගාමික පනතේ 45 (1) (අ) සහ (ඇ) වගන්තිය යටතේ වැරැද්දක් පෙන්නුම් කළ බව වාර්තා කොට තිබේ.
gossip lanka