gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දියණිය 52 වතාවක් දූෂණය කරලා, දුවවයි දරුවයි බාරගන්න බෑ කිව්ව.. කුලියාපිටිය පෙම්වතියගේ පාර්ශවයෙන් කියයි

පෙම්වතියගේ නිවසට ගෙන්වාගෙන පසුව ඝාතනය කල බවට සැකකෙරෙන කුලියාපිටිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙම්වතියගේ මාමාගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී තරුණයා මරා දැමීමට හේතු වූ කරුණක් පිළිබඳව අනාවරණයක් සිදුකර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ, පෙම්වතියගේ පියා වන සිඟිති නැමැත්තා තරුණයාව නිවසට ගෙන්වාගෙන තම දියණිය ගැබිනියක් වීම සම්බන්ධව ප්‍රශ්න කළ බවත් දියණියව විවාහ කරගෙන දරුවා භාර ගතයුතු බවට තර්ජනය කළ බවත්‍ ය, නමුත් එහිදී අදාල මියගිය තරුණයා දරුවා තමාගේ නොවන බවත් දියණිය විවාහ කරගැනීමට නොහැකි බවත් පවසා ඇති බව සඳහන්.

ඊට උරණ වූ දියණියගේ පියා, අදාල තරුණයාට පහර කිහිපයක් එල්ල කර ඔහුව ගැටගසා දියණියව භාර ගන්නා ලෙස නැවත නැවත බලකර පැවසූ බවත් මියගිය තරුණයා කිසිවකට එකඟ නොවීම මත මෝටර් රථයක නංවාගෙන රක්ෂිතයට රැගෙන ගොස් එහිදීද අවසන් වරටත් දියණිය භාර ගන්නා ලෙස ඉල්ලූ බවත් ඊටත් එකඟ නොවීම මත අවසානයේදී පහරදී දෑත් බැඳ තිබුණු ලණුවෙන්ම ගෙල සිර කර මරා දැමූ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත.

මෙසේ මියගිය කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයා මිය යනවිට 31 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුගේ පෙම්වතියගේ වයස අවුරුදු 17 ක් බව සඳහන්. අදාල තරුණයා මින් පෙර විවාහ වී සිටි අයෙකු බවත් මේ වනවිට එම විවාහය අතහැර දමා සිටින බවත් වාර්තා වේ, එමෙන්ම ඔහු තවත් තරුණියක ඇසුරු කර ඇයද ගැබිනියක් වූ පසු ගබ්සාවකට ලක්කර ඇති බවටද පැවසේ.

එමෙන්ම සැකකාර පියා (සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති) ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (09) ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර එහිදි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරවාරයේදී ඔහු පවසා සිටියේ අදාල තරුණයා විසින් තම 17 හැවිරිදි දියණිය 52 වතාවක් දූෂණය කළත්, මාධ්‍ය ඒ බැව් වාර්තා නොකර තමන් පමණක් ප්‍රශ්න කරන බවත් මේ වනවිට තමාගේ නිවස පුළුස්සා ඇතිබව හා තම දියණියට සිදුව තිබූ තත්ත්වයද හෙළිකළ යුතු බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka