gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියා නිදි පැදුරේ මරා, මිනිය කර තබා ගොස් ගිරිබාව වැවට දැමූ යකඩ කතක් පොලිස් අත්අඩංගුවට!

මෙසේ තම බිරිඳ අතින් ඝාතනය වී ඇත්තේ උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු බව පොලිසිය පවසයි.

ගිරිබාව පොලිසිය සඳහන් කළේ, නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව අදාල අත්අඩංගුවට පත් කාන්තාව ප්‍රකාශ කර ඇති බවයි.

එම සැකකාර කාන්තාව විසින් සැමියා ඝාතනය කිරීමෙන් අනතුරුව එම සිරුර කර මත තබාගෙන මීටර් එකසිය පනහක් පමණ දුර ගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

එසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු තිස්තුනක් වයසැති මීට පෙර විවාහ වී නීත්‍යානුකූලව සැමියාගෙන් වෙන් වී ඇති කාන්තාවක වන අතර උදය කුමාර නැමැති ඝාතනයට ලක්වූ තැනැත්තාද මීට පෙර විවාහ වී බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන් වී සිටි තැනැත්තකු බවත් පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka