gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරණ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්!

හොරණ මාලොස්ඇළ ප්‍රදේශයේදී පෙරේදා (07) සිදුකළ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙසට කටයුතු කළ බව කියන පුද්ගලයා ඊයේ (08) අලුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්ව මියගොස් තිබිණි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙක් වන අතර ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්ද වෙයි.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ, පෙරේදා දහවල් හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසට මොහු කටයුතු කර ඇති බවයි.

එමෙන්ම දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම ‘හඳයා’ නමැත්තාගේ වෙඩික්කරුවන්නේද මෙම පුද්ගලයා බව පොලිසිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka